මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.
යොෂුවා 8:14 - Sinhala Revised Old Version තවද හායි රජු එය දුටු කල ඔහු සහ නුවර මනුෂ්‍යයෝ වන ඔහුගේ මුළු සෙනඟත් ඉක්මන්කර අලුයම නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට අරබා සමභූමිය ඉදිරිපිට නියම ස්ථානයට පිටත්ව ගියෝය; එහෙත් නුවරට එහායින් තමාට විරුද්ධව සමූහයක් සැඟවී ඉන්න බව ඔහු නොදැන සිටියේය. Sinhala New Revised Version ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය. Sinhala New Revised Version 2018 ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය. |
මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.
ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ. මම ප්‍රඥාවන්තයන්ගේ පුත්‍රයෙක්ව පුරාතන රජවරුන්ගේ පුත්‍රයෙක්ව සිටිමියි නුඹලා ඵාරාවෝට කියන්නේ කොහොමද?
ශොවන්හි අධිපතීහු අඥානයෝ වුණෝය, නොප්හි අධිපතීහු රැවටුණෝය; මිසරවරුන්ගේ ගෝත්‍රවල මූලිකයෝ ඔවුන් මුළාකෙරෙවුවෝය.
ඒ වචනය රජුගේ මුඛයෙහි තිබෙද්දීම අහසෙන් හඬක් පැමිණ: එම්බා නෙබුකද්නෙශර් රජ, රාජ්‍යය නුඹෙන් පහවිය.
ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.
යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.
එසේ නුවරට උතුරෙන් සිටිය මුළු සමුදාවද නුවරට බස්නාහිරින් රහසේ සිටිය අයද යන සෙනඟ සිටෙවුවායින් පසු යෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවත මැදට ගියේය.
යෝෂුවාද සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන් ඉදිරියෙහි පැරදුණාක් මෙන් කාන්තාරයට යන මාර්ගයෙහි පලාගියෝය.
එවිට ඔවුන් පස්සේ එළවාගන යන පිණිස හායි නුවර සිටි මුළු සෙනඟ අඬගස්වා ගන්නාලද්දාහ. ඔව්හු යෝෂුවා පස්සේ එළවාගන ගොස් නුවරින් ඈත්වූවෝය.
මාද මා සමඟ සිටින සියලු සෙනඟද නුවරට ළංවී ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධව පිටතට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව;
තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත. පුරාණයේ සිට පවතින ඔවුන්ගේ විනිශ්චය ප්‍රමාද නොවන්නේය, ඔවුන්ගේ විනාශයද නිදා නොගනියි.
සැඟවී සිටි මිනිස්සුද ඉක්මන්කොට ගිබියාට විරුද්ධව වේගයෙන් පැතිර ගොස් මුළු නුවරට කඩුමුවහතින් පහර දුන්නෝය.