Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:39 - Sinhala Revised Old Version

39 ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 ජල ගැල්ම ගලා, ඔවුන් හැම ගසාගෙන යන තුරු කුමක් වීදැයි ඔවුහු නො දත්හ. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී සිදුවන්නේ එයම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:39
18 හුවමාරු යොමු  

නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.


නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය.


අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්නැයි කීවේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්,


ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය; දුෂ්ටයාට ඒක දැනගන්ට තේරුමක් නැත.


අපි මෙය නොදත්තෙමුයයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද? නුඹේ ප්‍රාණය ආරක්ෂාකරන තැනන්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද?


නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.


ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.


ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.


සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මනුෂ්‍යයන් දසදාහක් ගිබියා ඉදිරිපිටට ආවෝය, සටනද බලතර විය. නුමුත් විපත තමුන්ට ළංවූ බව ඔව්හු නොදැන සිටියාහ.


තවද ඔවුන් දෙවියන්වහන්සේ දැනගන්ට අකැමැතිව සිටි බැවින්, නුසුදුසු දේ කරන පිණිස දෙවියන්වහන්සේ ඔවුන් ජඩ සිතකට පාවාදුන්සේක.


මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්‍රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය.


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.


උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.


එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.


එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත; එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්