Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 1:1 - Sinhala Revised Old Version

1 යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:1
29 හුවමාරු යොමු  

තවද සාමුවෙල් මළේය; සියලු ඉශ්‍රායෙල්වරු රැස්ව ඔහු ගැන වැලපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත්කළෝය. දාවිත්ද පිටත්ව පාරාන් කාන්තාරයට බැස ගියේය. කර්මෙල්හි සම්පත් ඇති මනුෂ්‍යයෙක් මායොන්හි සිටියේය.


මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්:


දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න.


යොර්දානෙන් එගොඩ සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙන්නා වන හෙෂ්බොන්හි රජවූ සීහොන්ටත් අෂ්ටාරොත්හි සිටි බාෂාන්හි රජවූ ඕග්ටත් කළ සියල්ලද ඇසීමුව.


යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල,


ඔහු මෙසේ කීවේය: ස්වාමීන්වහන්සේ සීනයිහි සිට ආසේක, සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදාවූසේක, උන්වහන්සේ පාරාන් කන්දෙන් බැබළුණු සේක, දසදහසක් ශුද්ධවන්තයන් අතරේ සිට ආසේක. ඔවුන් උදෙසා ගිනිමය වූ ව්‍යවස්ථාවක් උන්වහන්සේගේ දකුණතෙහි තිබුණේය.


යොර්දානෙන් මෙගොඩ නුවරවල් තුනක්ද කානාන් දේශයේ නුවරවල් තුනක්ද ආරක්ෂා නුවරවල් කොට දෙන්න.


එසේ ඒ ගෝත්‍ර දෙකටද අර්ධ ගෝත්‍රයටද යොර්දානෙන් මෙගොඩ යෙරිකෝව ළඟ නැගෙනහිර දිශාවෙහි තමුන්ගේ උරුමය ලැබීතිබේයයි කීවේය.


අපි සන්නද්ධව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කානාන් දේශයට එතරව යන්නෙමුව, අපේ උරුම කොටස යොර්දානෙන් මෙගොඩ අපට වේවයි කීවෝය.


මක්නිසාද යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර පැත්තෙහි අපේ උරුමය අපට ලැබී තිබෙද්දී අපි ඔවුන් සමඟ යොර්දානෙන් එගොඩත් එයින් එහාත් උරුමය නොගන්නෙමුයයි කීවෝය.


එබැවින් අපි නුඹ ඉදිරියෙහි කරුණාව ලදිමුනම් මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා; යොර්දානෙන් එතරට අප නොපැමිණෙවුව මැනවයි කීවෝය.


මෝසෙස් ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස පාරාන් කාන්තාරයේ සිට ඔවුන් යැවුවේය. ඔවුන් සියල්ලෝම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ප්‍රධානියෝව සිටි මනුෂ්‍යයෝය.


පසුව සෙනඟ හශේරොත්හි සිට පිටත්ව ගොස් පාරාන් කාන්තාරයෙහි කූඩාරම් ගසාගත්තෝය.


සෙනඟ කිබ්‍රොත්-හත්තාවායෙන් නික්ම හශේරොත්ට පිටත්ව ගොස් හශේරොත්හි නැවතී සිටියෝය.


එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් ප්‍රකාර සීනයි කාන්තාරයෙන් පිටත්ව ගියෝය; වලාකුළ පාරාන් කාන්තාරයෙහි නැවතුණේය.


ඔහු පාරාන් නම්වූ වනයෙහි වාසය කෙළේය. ඔහුගේ මවු ඔහුට මිශරදේශයෙන් භාර්යාවක් ගෙන දුන්නාය.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.


දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.


රිම්මොන්-පෙරෙශෙන් පිටත්ව ගොස් ලිබ්නාහි කූඩාරම් ගසාගත්තෝය.


මෙසේ අප සේයිර්හි සිටින ඒසව්ගේ පුත්‍රයන් වන අපේ සහෝදරයන් ළඟින් ඒලත් කෙරෙන්ද එශියොන්-ගෙබෙර් කෙරෙන්ද අරබා සමභූමි මාර්ගයෙන් ගියෙමුව. අපි හැරී මෝවබ් කාන්තාර මාර්ගයෙන් ගියෙමු.


මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ආ කල සීහොන් රජුට පහරදී,


ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.


ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.


ලිබ්නාවෙන් පිටත්ව ගොස් රිස්සාහි කූඩාරම් ගසාගත්තෝය.


මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.


මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද සෙනඟට අණකරමින්: මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.


තවද මෝසෙස් ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන්ට මේ වචන කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්