ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 5:9 - Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මම අද නුඹලා කෙරෙන් මිසරයේ නින්දාව අහකට පෙරළුවෙමියි කීසේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි අද දක්වා කියනු ලැබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 5:9
21 හුවමාරු යොමු  

අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.


එවිට රජ හැරී යොර්දාන් ළඟට ආයේය. යූදාවරුද යොර්දානෙන් මෙගොඩට රජු කැඳවාගන එන පිණිස රජුගේ පෙරමගට යන්ට ගිල්ගාල්ට ආවෝය.


බෙත්-ගිල්ගාලෙනුත් ගෙබාහිද අස්මාවෙත්හිද කෙත්වලිනුත් රැස්වූවෝය. මක්නිසාද ගීතිකාකාරයෝ යෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝය.


මට භය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයෝ යහපත්ය.


බලව, අචර්මඡේදිතව සිටින සියලු චර්මඡේදිතයන්ට,


ඔව්හු මිසරයේදී වේශ්‍යාකම් කළෝය; ඔවුන්ගේ යෞවන වයසේදී වේශ්‍යාකම්කළෝය. ඔවුන්ගේ පියයුරු එහිදී මිරිකනු ලැබීය, එහිදී ඔවුන්ගේ කන්‍යා වයසේ තනපුඩු තැළුණේය.


ඈ මිසරයේදී පටන්ගත් ඇගේ වේශ්‍යාකම් අත්හැරියේ නැත; මක්නිසාද ඇගේ යෞවන වයසේදී ඔව්හු ඈ සමඟ සයනයකළෝය, මොව්හුද ඇගේ කන්‍යා වයසේ තනපුඩු මිරිකා ඔවුන්ගේ වේශ්‍යාකම ඈ පිට වැගිරෙවුවෝය.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.


දෙස්කීවාවූ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනයන්න; ඔහුගේ වචන ඇසූ සියල්ලෝ තමුන්ගේ අත් ඔහුගේ හිස පිට තබත්වා, මුළු සභාවද ඔහුට ගල්ගසාවා.


මා සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත.


මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.


මාගේ සෙනඟට නින්දාකළාවූ, ඔවුන්ගේ සීමාවට විරුද්ධව උඩඟුවුණාවූ මෝවබ්ගේ නින්දාකිරීමත් අම්මොන් පුත්‍රයන්ගේ අපහාස වචනත් ඇසීමි.


එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න.


මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.


තවද මුළු සෙනඟ චර්මඡේද්‍ය කොට නිමවූ කල ඔවුන්ට සුවවෙන තුරු කඳවුරේ ඔව්හු තමුන්ගේ ස්ථානවල නැවතුණෝය.


යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.


දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.


ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.


ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකර,