දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
යොෂුවා 2:6 - Sinhala Revised Old Version නුමුත් ඈ ඔවුන් ගෙයි පියස්ස උඩට ගෙනගොස්, එහි අහුරා තිබුණු හණ දඬු යට ඔවුන් සැඟෙවුවාය. Sinhala New Revised Version රාහාබ් ඒ මිනිසුන් දෙදෙනා ගෙයි පියස්ස උඩට ගෙන ගොස්, එහි අහුරා තිබුණ හණ දඬු යට ඔවුන් සඟවා තැබුවා ය. Sinhala New Revised Version 2018 රාහාබ් ඒ මිනිසුන් දෙදෙනා ගෙයි පියස්ස උඩට ගෙන ගොස්, එහි අහුරා තිබුණ හණ දඬු යට ඔවුන් සඟවා තැබුවා ය. |
දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.
ස්ත්‍රීද වැස්ම රැගෙන ළින් කෙට් එළා, කිසිවක් දැනනොගන්නා හැටියට ඒ පිට ඇඹරූ ධාන්‍ය වනා තැබුවාය.
යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් මරාදමන කල මා කළ දේ එනම් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ගෙන් සිය දෙනෙකු පනස පනස බැගින් ගුහාවල සඟවා රොටිත් වතුරත් දී ඔවුන් පෝෂ්‍යකළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේද?
මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)
නුමුත් යෝරාම් රජුගේ දුවූ අහසියාගේ සහෝදරීවූ යෙහෝෂෙබා තොමෝ මරනු ලැබූ රජුගේ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ්ද ඔහුගේ කිරිමවද යහන්ගෙට හොරෙන් ගෙනගියාය; ඔහු මරනු නොලබන ලෙස ඔව්හු අතලියාගෙන් ඔහු සැඟෙවුවෝය.
ඒ ස්ත්‍රී ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහු ශෝභමාන දරුවෙකු බව දැක තුන් මසක් ඔහු සඟවා ගත්තාය.
රජ වනාහි බාරුක් ලේකම සහ යෙරෙමියා අනාගතවක්තෘ ගෙනෙන්ට රාජ පුත්‍රවූ යෙරාමෙයෙල්ටත් අස්රීයෙල්ගේ පුත්‍රවූ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුත්‍රවූ ෂෙලෙමියාටත් අණකෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන් සැඟවූසේක.
නුඹ අලුත් ගෙයක් ගොඩනගන විට යමෙක් පියස්සෙන් වැටීමෙන් ලේවල දෝෂය නුඹේ ගේ පිටට නුඹ විසින් පමුණුවානොගන්න පිණිස පියස්ස වටේ පවුරක් සාදන්න.
මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.
මෝසෙස් උපන් කල ඔහුගේ මවුපියෝ ඔහු ශෝභමාන ළමයෙකු බව දැක, රජුගේ ආඥාවට භය නොවී, ඇදහිල්ලෙන් ඔහු තුන් මාසයක් සඟවාගත්තෝය.
එසේම වේශ්‍යාවවූ රාහබ් පණිවිඩකාරයන් පිළිගෙන අන් මගකින් පිටත්කර ඇරිය කල, ක්‍රියාවලින් ඈ ධර්මිෂ්ඨකරනු ලැබුවා නොවේද?
තවද කළුවර වී දොර වසන වේලාව පමණේදී ඒ මනුෂ්‍යයෝ පිටතට ගියෝය. කොතැනට ගියෝදැයි නොදනිමි. ඉක්මනින් ඔවුන් පස්සේ එළවාගන යන්න; නුඹලා ඔවුන් කරා පැමිණෙනවා ඇතැයි කීවාය.
ඒ මනුෂ්‍යයෝ යොර්දානට යන මාර්ගයෙන් තොටුපළවල් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගියෝය. ඔවුන් පස්සේ එළවාගන ගිය අය පිටතට ගිය හැටියේම දොර වසනලද්දේය.
යෙරිකෝව සෝදිසිකරන්ට යෝෂුවා යැවූ පණිවිඩකාරයන් වේශ්‍යාවවූ රාහාබ් විසින් සැඟවූ බැවින් යෝෂුවා ඈට සහ ඇගේ පියාගේ පවුලටද ඈට අයිති සියල්ලන්ටද ජීවත්වෙන්ට ඉඩ හැරියේය; ඈ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි අද දක්වා වාසයකරන්නීය.