Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 18:4 - Sinhala Revised Old Version

4 මක්නිසාද යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් සිඳදැමූ කල්හි ඔබදියා ප්‍රොපේතවරුන් සිය දෙනෙක් රැගෙන ගොස් පනස පනස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී ඔවුන් පෝෂ්‍යයකෙළේය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පෝෂ්‍ය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පෝෂ්‍ය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:4
18 හුවමාරු යොමු  

යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් මරාදමන කල මා කළ දේ එනම් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ගෙන් සිය දෙනෙකු පනස පනස බැගින් ගුහාවල සඟවා රොටිත් වතුරත් දී ඔවුන් පෝෂ්‍යකළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේද?


ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.


එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.


මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය;


එවිට ගොවියෝ ඔහුගේ දාසයන් අල්ලා, එකෙකුට ගැසුවෝය, එකෙකු මැරුවෝය, තවත් කෙනෙකුට ගල් ගැසුවෝය.


එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.


ඔහුද: නුඹ සමඟ හැරී එන්ටවත් නුඹේ ගෙදරට ඇතුල්වෙන්ටවත් මට නොපිළිවන. මේ ස්ථානයේදී නුඹ සමඟ කෑම නොකමි, වතුරද නොබොමි.


ආහබ් ඔබදියාට කථාකොට: දේශයෙහි සියලු දිය උල්පත්ද ඔයවල්ද ළඟට යන්න. සියලු සිවුපාවුන් නැතිවෙන්ට නොදී අශ්වයන්ද අශ්වතරයන්ද රක්ෂාකරගන්න පිණිස සමහරවිට අපට තෘණ සම්බවේයයි කීවේය.


එලිෂා වැඩිමහල්ලන් සමඟ තමාගේ ගෙදර වාඩිව ඉන්දැද්දී රජ තමා වෙතින් මනුෂ්‍යයෙකු යැවීය. නුමුත් පණිවිඩකාරයා ඔහු ළඟට එන්ට පළමුවෙන් එලිෂා වැඩිමහල්ලන්ට කථාකොට: අර මිනීමරුවාගේ පුතා මාගේ හිස කපාදමන්ට එවූ බව නුඹලාට පෙනෙනවාද? නුඹලා බලා සිට පණිවිඩකාරයා ආවාම ඔහුට ඇතුල්වෙන්ට ඉඩ නොදී දොර වසා එය තදකරගෙන සිටින්න. ඔහුට පස්සෙන් එන ඔහුගේ ස්වාමියාගේ අඩි ශබ්දය ඇසෙන්නේ නැද්දැයි කීවේය.


මාගේ මෙහෙකරුවන් වූ ප්‍රොපේතවරුන්ගේ ලේද ස්වාමීන්වහන්සේගේ සියලු මෙහෙකරුවන්ගේ ලේද ගැන මා විසින් යෙසෙබෙල්ගෙන් පළිගන්නා පිණිස නුඹේ ස්වාමිවූ ආහබ්ගේ වංශයට පහර දෙන්න.


උපදෙස් දෙන්න, යුක්තිය කරන්න; ඉරමුදුන් වේලෙහිම නුඹේ සෙවණැල්ල රාත්‍රියට සමානකරන්න. නෙරපනලද්දවුන් සඟවාගන්න; පලාඑන තැනැත්තා පාවා නොදෙන්න.


එහෙත් යෙරෙමියා මරන්ට ඔහු සෙනඟ අතට පාවා නොදෙන හැටියට ෂාපාන්ගේ පුත්‍රවූ අහීකාම්ගේ අත ඔහු සමඟ විය.


එවිට අධිපතීහු: නුඹලා කොතන සිටිනවාද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස නුඹත් යෙරෙමියාත් ගොස් සැඟවී ඉන්නැයි බාරුක්ට කීවෝය.


ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා: කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්