Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:17 - Sinhala Revised Old Version

17 ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 පියස්ස මත සිටින්නා තම ගෙයි තිබෙන තමා සතු කිසිවක් ගන්නා පිණිස නොබසී වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 තම ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 පියස්ස මත සිටින්නා තම ගෙයි තිබෙන තමා සතු කිසිවක් ගන්නා පිණිස නොබසී වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:17
14 හුවමාරු යොමු  

මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න.


පසුවදා ඔවුන් ගමන්කොට ඒ නුවරට ළංවනකල, පේතෘස් සවෙනි පැය පමණේදී යාච්ඤාකරන්ට ගේ උඩට ගියේය.


එබැවින් නුඹලා අඳුරෙහිදී කී දේ එළියෙහිදී අසනු ලබන්නේය; ඇතුල් ගෙවලදී නුඹලා කනට කී දේත් ගෙවල් මුදුන්වලදී ප්‍රසිද්ධ කරනු ලබන්නේය.


නුමුත් සමූහයා නිසා ඇතුළට ගෙනයන්ට අන්දමක් නොදැක, වහලට නැගී සෙවිල්ල ඇර, යේසුස්වහන්සේ ඉදිරියෙහි ඇඳත් සමඟ ඔහු මැදට බැස්සෙවුවෝය.


එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?


ඔවුන් උස්තැනින් නුවරට බැස ආ කල සාමුවෙල් සාවුල් සමඟ පියස්ස උඩදී කථාකෙළේය.


නුඹ අලුත් ගෙයක් ගොඩනගන විට යමෙක් පියස්සෙන් වැටීමෙන් ලේවල දෝෂය නුඹේ ගේ පිටට නුඹ විසින් පමුණුවානොගන්න පිණිස පියස්ස වටේ පවුරක් සාදන්න.


සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.


දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.


එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා.


කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්