ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 18:19 - Sinhala Revised Old Version

එතනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, යොර්දානේ දකුණු කෙළවරේ තිබෙන ලුණු මුහුදේ උතුරු වරායෙහි කෙළවරවුණේය. දකුණු සීමාව මේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතැනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, ජොර්දානේ දකුණු කෙළවරේ තිබෙන මළ මුහුදේ උතුරු වරායෙහි කෙළවර වුණේ ය. දකුණු සීමාව මේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතැනින් සීමාව උතුරු පැත්තෙන් බෙත්-හොග්ලාට ගොස්, ජොර්දානේ දකුණු කෙළවරේ තිබෙන මළ මුහුදේ උතුරු වරායෙහි කෙළවර වුණේ ය. දකුණු සීමාව මේ ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 18:19
10 හුවමාරු යොමු  

මොවුන් සියල්ලෝ ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය.


ඒ නුවරවල්ද මුළු සමභූමියද ඒ නුවරවල සියලු වැසියන්ද භූමියෙහි හටගත් දේද විනාශකළසේක.


ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ ‍අත්ත සහමුලින්ම නැතිකර දමනසේක; උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිගුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට ගසනසේක.


එසේ නුඹලාගේ දකුණු පැත්ත ශීන් කාන්තාරයේ පටන් ඒදොම් දිශාව ළඟින් වන්නේය, නුඹලාගේ දකුණු සීමාව නැගෙනහිර දිග ලුණු මුහුදේ කෙළවර සිට පටන්ගෙන,


කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.


නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.


ඔවුන්ගේ දකුණු සීමාව ලුණු මුහුදේ කෙළවර වන දකුණට හැරී තිබෙන වරායේ පටන්,


එතනින් අරබා සමභූමිය ඉදිරිපිට උතුරු පැත්තෙන් ගොස් අරබා සමභූමියට බැස,


එහි නැගෙනහිර පැත්තේ සීමාව නම් යොර්දානය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට, වටකර සීමාවල හැටියට, ඔවුන්ගේ උරුමය මේය.


ඉහළින් බැස එන ජලය නැවතී ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවරවූ ආදාම් දක්වා, එක ගොඩක් වී නැංගේය. අරබා සමභූමියෙහි මුහුද එනම් ලුණු මුහුද දෙසට බැස යන ජලය තීන්දුවටම වෙන්වී ගියේය. සෙනඟද යෙරිකෝව ඉදිරියෙහි එතරට ගියෝය.