දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.
යොෂුවා 15:10 - Sinhala Revised Old Version බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය. Sinhala New Revised Version බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය. Sinhala New Revised Version 2018 බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය. |
දාවිත් නැගිට තමා සමඟ සිටි මුළු සෙනඟ සමඟ පිටත්ව යනුයේ, නාමය එනම් කෙරුබ්වරුන් පිට වැඩඉන්න සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමය තබා තිබෙන දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස යූදාහි බායාලෙට ගියේය.
එහෙත් අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්‍රායෙල් රජවූ යොහෝවාෂ් ගියේය; ඔහුද යූදාහි රජවූ අමශියාද යූදාට අයිති බෙත්-ෂෙමෙෂ්හිදී එකිනෙකා මුණගැසුණෝය.
පිලිස්තිවරුද පාත රටේ සහ යූදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය.
එතනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂීක්කෙරොන්ට වැටී, එතනින් බාලා කන්දට ගොස් යබ්නෙයෙල්ට වැටී, මුහුද ළඟ කෙළවරවුණේය.
ඉරොන්ද මිග්දල්-යෙල්ද හොරෙම්ද බෙත්-අනාත්ද බෙත්-ෂෙමෙෂ්ද යන මේවාය; නුවරවල් දහනවයක් සහ ඒවායේ ගම්ද තිබුණේය.
ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය.
සම්සොන් වනාහි තිම්නාට ගොස් පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දිටීය.
පසුව සම්සොන්ද ඔහුගේ මව්පියෝද තිම්නාට යන්ට ගියෝය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල බලව, තරුණ සිංහයෙක් ඔහුට ගෙරෙවුවේය.
බලාසිටින්න. ඉදින් ඒකේ සීමාවට යන මාර්ගයෙන් බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදුකළේ උන්වහන්සේ බව එයින් පෙනෙයි, නැත්නම් අපට පහර දුන්නේ උන්වහන්සේගේ හස්තය නොව ඒක ඉබේම අපට පැමුණුණ බව අපට පෙනෙනවා ඇතැයි කීවෝය.