Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 15:10 - Sinhala New Revised Version

10 බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:10
12 හුවමාරු යොමු  

සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.


සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය.


කායින් ද ගිබෙයා ද තිම්නා ද යන නගර දසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.


එතැනින් සීමාව එක්‍රොන්ට උතුරු පැත්තෙන් ගොස් ෂික්-කෙරොන්ට වැටී එතැනින් බාලා කන්දට ගොස් ජබ්නෙයෙල්ට වැටී, මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.


අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය.


ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.


දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.


ඉරොන් ද මිග්දල්-යෙල් ද හොරෙම් ද බෙත්-අනාත් ද බෙත්-ෂෙමෙෂ් ද යන මේවා ය. නගර දහ නවයක් සහ ඒවායේ ගම් ද තිබුණේ ය.


එහෙත්, අමශියා ඇහුම්කන් දුන්නේ නැත. ඒ නිසා ඉශ්රායෙල් රජ වන ජෙහෝවාෂ් පහර දෙන්න ගියේ ය. ඔහු ද ජුදාහි රජ වන අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී එකිනෙකාට මුණගැසුණෝ ය.


පිලිස්තිවරු ද පහත රටේ සහ ජුදාහි දකුණු දිශාවේ නගරවලට වැද, බෙත්-ෂෙමෙෂ් ද අයාලෝන් ද ගෙදේරෝත් ද ශොකෝව සහ එහි ගම් ද තිම්නා සහ එහි ගම් ද ගිම්සෝ සහ එහි ගම් ද අල්ලාගෙන ඒවායේ වාසය කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්