එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.
යොෂුවා 1:14 - Sinhala Revised Old Version නුඹලාගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නුඹලාට දී තිබෙන දේශයෙහි සිටිත්වා; නුමුත් ස්වාමීන්වහන්සේ නුඹලාට මෙන් නුඹලාගේ සහෝදරයන්ට විශ්‍රාම දෙනතෙක්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් විසිනුත් හිමිකර ගන්නා තෙක්ද, Sinhala New Revised Version මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත. Sinhala New Revised Version 2018 මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත. |
එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.
අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය.
මුලාදෑනීහු සෙනඟට තවත් කථාකර: භයවෙන්නාවූ ක්ලාන්ත සිතක් ඇත්තාවූ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙට හැරීයේවා, නැත්නම් ඔහුගේ සිත මෙන් ඔහුගේ සහෝදරයන්ගේ සිත්ද දියවෙනවා ඇතැයි කියන්ට ඕනෑය.
එහෙත් නුඹලාගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මා නුඹලාට දී තිබෙන නුවරවල සිටිත්වා; (නුඹලාට බොහෝ සිව්පාවන් ඉන්න බව දනිමි.)
ඔහු ප්‍රථම කොටස තමාටම සපයාගත්තේය, මක්නිසාද නීති දායකයා විසින් කොටසක් එහි ඉතුරුකර තිබුණේය; ඔහු සෙනඟගේ ප්‍රධානීන් කැටුව විත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද ඉශ්‍රායෙල් සමඟ උන්වහන්සේගේ විනිශ්චයන්ද ඉෂ්ටකෙළේයයි කීය.
ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකර කී දෙය සිහිකරන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට විශ්‍රාම දී මේ දේශය නුඹලාට දෙනසේක.
නුඹලාගෙන් බලසම්පන්න පුරුෂයෝව සිටින සියල්ලෝ සන්නද්ධව නුඹලාගේ සහෝදරයන්ට පෙරටුව ගොස් ඔවුන්ට උපකාරකරන්න. ඉන්පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර දිශාවෙහි නුඹලාට දුන් නුඹලාගේ උරුම කොටසවූ දේශයට හැරී ඇවිත් ඒක භුක්තිවිඳින්නැයි කීවේය.
රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද සන්නද්ධව මෝසෙස් ඔවුන්ට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව මෙතරට ආවෝය.
ඒ ස්ත්‍රී රත්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ, රනින්ද අනර්ඝ ගල් සහ මුතුවලින්ද සැරසී සිටියාය, පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය,