Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 33:21 - Sinhala Revised Old Version

21 ඔහු ප්‍රථම කොටස තමාටම සපයාගත්තේය, මක්නිසාද නීති දායකයා විසින් කොටසක් එහි ඉතුරුකර තිබුණේය; ඔහු සෙනඟගේ ප්‍රධානීන් කැටුව විත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද ඉශ්‍රායෙල් සමඟ උන්වහන්සේගේ විනිශ්චයන්ද ඉෂ්ටකෙළේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 දේශයේ හොඳ ම කොටස ගාද් තමාට ම ගත්තේ ය. නායකයාට හිමි පංගුව ඔහුට ම හිමි විය. සෙනඟගේ ප්‍රධානීන් වෙතට පැමිණ ඉශ්රායෙල් ජනයා සමඟ සමිඳාණන්ගේ යුක්තිය ද එතුමන්ගේ අණපණත් ද ඔව්හු ඉටු කළෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 දේශයේ හොඳ ම කොටස ගාද් තමාට ම ගත්තේ ය. නායකයාට හිමි පංගුව ඔහුට ම හිමි විය. සෙනඟගේ ප්‍රධානීන් වෙතට පැමිණ ඉශ්රායෙල් ජනයා සමඟ සමිඳාණන්ගේ යුක්තිය ද එතුමන්ගේ අණපනත් ද ඔව්හු ඉටු කළෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:21
8 හුවමාරු යොමු  

මක්නිසාද තමුන්ගේ පිය පෙළපත් ලෙස රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද තමුන්ගේ උරුමය ලැබීතිබේ.


නුඹලාගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නුඹලාට දී තිබෙන දේශයෙහි සිටිත්වා; නුමුත් ස්වාමීන්වහන්සේ නුඹලාට මෙන් නුඹලාගේ සහෝදරයන්ට විශ්‍රාම දෙනතෙක්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් විසිනුත් හිමිකර ගන්නා තෙක්ද,


දුනුවායන්ගේ ඝෝෂාවෙන් ඈත දිය අදින තැන්වලදී, ඔව්හු ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා එනම් ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ ආණ්ඩුවේ ධර්මිෂ්ඨ ක්‍රියා පවසන්නෝය. එකල ස්වාමීන්වහන්සේගේ සෙනඟ දොරටුවට බැස්සෝය.


අධිපතීන් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්