යෙසායා 8:17 - Sinhala Revised Old Version මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි. |
මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි.
එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි නුඹ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න.
මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබ්ගේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.
ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය.
නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.
එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.
එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.
ස්වාමීන්වහන්ස, අපට දයාවුව මැනව; අපි ඔබ ගැන බලාසිටියෙමුව. උදයක් පාසා ඔවුන්ගේ බල-හස්තයද විපත්ති කාලයේදී අපේ ගැළවීමද වුව මැනව
නුඹලා අතරෙන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ මෙහෙකරුවාගේ හඬට කීකරුවෙන්නාවූ තැනැත්තා කවුද? ආලෝකය නැතුව අඳුරෙහි ඇවිදින්නාවූ තැනැත්තේ ස්වාමීන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසකර තමාගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටීවා.
මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔහුගේ තණ්හාවේ වරද නිසා මම උදහස්වී ඔහුට පහරදී, සැඟවී උදහස්ව සිටියෙමි. එහෙත් ඔහු හිතුවක්කාරව තමාගේ සිතේ මාර්ගයෙහිම ගියේය.
නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.
ඔබ ඉදිරියේ කඳු දියව ගියේය. තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත.
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
ඔබගේ නාමය කියා යාච්ඤාකරන්නාවූ, ඔබ අල්වාගන්න පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත. මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියව යන්ට හැරියසේක.
කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔව්හු එති, නුමුත් ඒ වනාහි මාගේ උදහසින්ද කෝපයෙන්ද මා විසින් මැරුවාවූ, තමුන්ගේ සියලු නපුරුකම් නිසා මේ නුවරින් මාගේ මුහුණ සඟවාගන්ට මට සැලැස්සුවාවූ මනුෂ්‍යයන්ගේ මළකඳන්වලින් ඒවා පිරවීමටය.
එබැවින් නුඹ නුඹේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විනිශ්චයද පවත්වා, නුඹේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලාසිටින්න.
එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක.
මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත.
මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.
ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.
මෝසෙස්ගෙන්ද සියලු අනාගතවක්තෘවරුන්ගෙන්ද පටන්ගෙන, සියලු ලියවිලි වල තමන් ගැන තිබුණු කාරණා ඔවුන්ට තෝරාදුන්සේක.
උන්වහන්සේ කථාකොට: මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගන්නෙමි, ඔවුන්ගේ කෙළවර කුමක් වන්නේදැයි බලන්නෙමි. මක්නිසාද ඔව්හු හිතුවක්කාර වංශයක, අවිශ්වාස දරුවෝය.
පැමිණෙන උදහසින් අප ගළවන්නාවූ තමන්ගේ පුත්‍රවූ යේසුස්වහන්සේ ස්වර්ගයෙන් එනවා බලාසිටින පිණිසද, නුඹලා දේවතාරූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති.
ස්වාමීන්වහන්සේද නුඹලාගේ සිත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත් ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා.
නැවතද: මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නෙමියි කියාද, ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක.
බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්, උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.