Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 14:14 - Sinhala Revised Old Version

14 මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලා සිටින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 14:14
24 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ මළවුන් නැගුටුවනසේක් නම් එය විශ්වාසකරන්ට බැරි දෙයක්යයි මක්නිසා කල්පනාකරන්නහුද?


පොළොවේදී යුද්ධ සේවයක් මනුෂ්‍යයාට තිබෙනවා නොවේද? ඔහුගේ දවස් කුලීකාරයෙකුගේ දවස් මෙන් නොවේද?


සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය.


සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.


ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබ්ගේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.


උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.


ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය.


ඔහුගේ දවස් නියමව, ඔහුගේ මාස ගණන ඔබ වෙත තිබෙන නිසාත්, ඔහු පිටතට නොයන හැටියට ඔබ ඔහුගේ මායිම් පිහිටුවා තිබෙන නිසාත්,


අහෝ, ඔබවහන්සේ මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නියමකොට, මා සිහිකරනසේක් නම් කැමැත්තෙමි!


ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක.


බර්සිල්ලයිද: රජ්ජුරුවන් සමඟ යෙරුසලමට යන්ට මාගේ ජීවිතයේ තවත් ඉතිරිව තිබෙන අවුරුදුවල දවස් කොපමණද?


ඔහුගේම අශූචි මෙන් ඔහු සදාකාලයටම නැතිවී යන්නේය, ඔහු දුටු අය: ඔහු කොයිදැයි අසන්නෝය.


සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.


මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්