දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති; උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙස තිබෙයි.
යෙසායා 56:12 - Sinhala Revised Old Version ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති. Sinhala New Revised Version ඔව්හු කතා කොට, “එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු. හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති. Sinhala New Revised Version 2018 ඔව්හු කතා කොට, “එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු. හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති. |
දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති; උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙස තිබෙයි.
මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.
ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැසුවෝය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වේලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.
කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි.
මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ!
ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.
එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.
මක්නිසාද ඔව්හු කටු ගස් වාගේ පටලැවී, තමුන්ගේ සුරාපානයෙන් පෙඟී සිටියත්, හොඳට වේළී තිබෙන ඉපනැලි මෙන් දාලායන්නෝය.
එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.
මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළාහු නොනැගිටිත් නම්, හෙට මැරෙන බැවින් කමු, බොමු.
මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,