යෙසායා 55:12 - Sinhala Revised Old Version මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය. Sinhala New Revised Version “නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි. Sinhala New Revised Version 2018 “නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි. |
ගොදුරු බිම් සිව්පා රැළවලින් පැළදීයයි; මිටියාවත්ද ගොයමින් වැසී තිබේ; ඒවා ප්‍රීතියෙන් ඝෝෂාකරමින් ගායනා කරති.
එසේය, දේවදාර ගස්ද ලෙබනොන්හි කිහිරි ගස්ද කථාකොට: නුඹ හෙළනු ලැබූ තැන් පටන් අප කපාදමන්ට කිසිවෙක් නැගී නායේයයි කියමින් නුඹ ගැන ප්‍රීතිවන්නෝය.
ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
බබිලෝනියෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් දුවන්න; ප්‍රීතිමත් හඬින් මෙය දන්වා, ප්‍රකාශකර, පොළොවේ කෙළවර දක්වා එය පතළ කරන්න. එනම්: ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවාවූ යාකොබ් මිදූසේක.
ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.
ස්වාමීන්වහන්සේ විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.
යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.
මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒවායින් ස්තුති කිරීමද සන්තෝෂවන්නන්ගේ හඬද නික්මෙන්නේය. මම ඔවුන් ස්වල්පව නොසිටින හැටියට ඔවුන් වැඩිකර, ඔවුන් සුළුව නොසිටින හැටියට ඔවුන්ට ගෞරවකරන්නෙමි.
නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක
බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි.
එවිට ස්වාමීන්වහන්සේවූ මා විසින් උස් ගහ පහත් කර, පහත් ගහ උසස්කළ බවත් අමුගහ වියළවා, වියළි ගහ සශ්‍රීකකර තිබෙන බවත් කෙතේ සියලු ගස් දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ වන මම කීවෙමි, එලෙසම කරමියි කීය.
එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.
එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව.
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම,
ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,