නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ.
යෙසායා 51:20 - Sinhala Revised Old Version නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති. Sinhala New Revised Version නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති. Sinhala New Revised Version 2018 නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති. |
නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ.
නුඹට පීඩාකරන්නන්ට ඔවුන්ගේම මාංසය කවන්නෙමි; ඔව්හු මුද්‍රිකයුසයෙන් මෙන් තමුන්ගේම ලෙයින් මත්වන්නෝය. මෙසේ ස්වාමීන්වහන්සේ වන මා නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයාද යාකොබ්ගේ බලවන්තයාණන්ද බවත් මාංසමයවූ සියල්ලෝම දැනගන්නෝය.
එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.
ස්වාමීන්වහන්සේ අතින් උන්වහන්සේගේ කෝපය නැමති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න,නැගිටින්න.
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත.
ඔව්හු අමාරුවට වැටී, බඩගිනිව, රටෙහි ඔබ මොබ යන්නෝය. ඔවුන්ට බඩගිනිවන විට තරහවී, තමුන්ගේ රජුටද තමුන්ගේ දෙවියන්වහන්සේටද දෙස් කියා උඩ බලන්නෝය.
ඔවුන්ගේ අනාගතවාක්‍ය අසන සෙනඟත් සාගතයද කඩුවද කරණකොටගෙන යෙරුසලමේ වීථිවල හෙළාදමනු ලබන්නෝය; ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් පුත්‍රයන්වත් දූවරුන්වත් වළලන්ට කිසිවෙක් නොවන්නේය. මක්නිසාද මම ඔවුන්ගේ දුෂ්ටකම ඔවුන් පිට වගුරුවන්නෙමි.
මා පිටතට ගියොත් කඩුවෙන් මැරුම්කෑ අය පෙනේ! මා නුවරට ඇතුල්වුණොත් සාගතයෙන් ලෙඩවී ඉන්න අය පෙනේ! මක්නිසාද අනාගතවක්තෘද පූජකයාද කිසිවක් නොදැන දේශයෙහි ඔබමොබ යති.
මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක.
මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රැවටුවෝය. මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කෑම සොයන අතර නුවරදී නැසී ගියෝය.
නැගිට, රාත්‍රී යාමවල මුලදී ඝෝෂා කොට, නුඹේ සිත ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. සියලු වීථි සන්ධිවලදී බඩගින්නෙන් ක්ලාන්තවෙන්නාවූ නුඹේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා නුඹේ අත් උන්වහන්සේ දෙසට ඔසවන්න.
ස්වාමීන්වහන්සේ තමන් කෝපය තීන්දුවට ඉෂ්ටකොට, තමන් බලවත් උදහස වැගිරෙවුසේක; සියොන්හි ගින්නක් ඇවුළූසේක, එයින් එහි අත්තිවාරම් දාගියේය.
රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුම්භකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!
මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.
මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය, මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහිදී ඔහු සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.
මා විසින් තොප උදෙසා ඔප්පුකර තිබෙන මාගේ පූජාවෙන් තෙපි තෘප්තිමත්ලෙස තෙල කන්නහුය, මත්වෙන තුරු ලේද බොන්නහුය.
ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.
නුඹ විසින් මා අත්හැරීමෙන් කළාවූ නුඹේ නපුරු ක්‍රියා නිසා නුඹ විනාශව ඉක්මනින් නැතිව යන තෙක්, නුඹ කරන්ට අත තබන සියල්ලේදී ස්වාමීන්වහන්සේ ශාපයද පරාජයද තරවටුවද නුඹ පිටට එවනසේක.
ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නමැති කුසලානට අමිශ්‍රව වත්කරනලද උන්වහන්සේගේ උදහස නමැති මුද්‍රිකපානය බොන්නේය; ඔහු ශුද්ධවූ දේවදූතයන් ඉදිරියෙහිද බැටළුපැටවාණන් ඉදිරියෙහිද ගින්නෙනුත් ගෙන්දගම්වලිනුත් වධකරනු ලබන්නේය.