Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 17:20 - Sinhala Revised Old Version

20 මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය, මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහිදී ඔහු සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධ ව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහි දී ඔහු විනිශ්චයයට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධ ව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහි දී ඔහු විනිශ්චයයට පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:20
24 හුවමාරු යොමු  

මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බොහෝ ජනයන් රැස්ව සිටියදී මාගේ දැල නුඹ පිටහෙළන්නෙමි; ඔවුන් මාගේ දැලෙන් නුඹ ගොඩට අදිනවා ඇත.


එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි නුඹ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි නුඹ කියන නිසා මම නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.


මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමඟ විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමඟ සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි.


මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.


එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.


ඔවුන් යන කල මාගේ දැල ඔවුන් පිට හෙළන්නෙමි; ආකාශ පක්ෂීන් මෙන් ඔවුන් පහළට අදින්නෙමි. ඔවුන්ගේ සභාවට දන්වා තිබෙන හැටියට ඔවුන්ට දඬුවම්කරන්නෙමි.


නුඹලාගේ මව්ට විරුද්ධව පැමිණිලිකරන්න, පැමිණිලිකරන්න; මක්නිසාද ඈ මාගේ භාර්යාව නොවේ, මමද ඇගේ පුරුෂයා නොවෙමි. එබැවින් ඈ ඇගේ වේශ්‍යාකම් ඇගේ මුහුණෙන්ද ඇගේ කාමමිථ්‍යාචාරකම් ඇගේ පියයුරු අතරෙන්ද පහකරාවා;


ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.


උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක.


බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දානේ වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔවුන් දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නා ලද කවරෙකු නුමුත් මම ඔහු ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?


එබැවින් නුඹලා සමඟ මම තවමත් කාරණා ගෙනහැර දක්වමි, නුඹලාගේ දරුවන්ගේ දරුවන් සමඟත් කාරණා ගෙනහැර දක්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.


මාගේ හිස එසෙවුවොත් ඔබ සිංහයෙකු මෙන් මා පස්සේ එළවා, නැවත පුදුම ලෙස මා කෙරෙහි බලය පානසේක.


ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය.


අබ්සලොම් තම අශ්වතරයා පිට නැගී යද්දී දාවිත්ගේ සේවකයන්ට මුණගැසුණේය. අශ්වතරයා මහත් අලෝන ගසක ඝන ශාඛා යටින් යද්දී ඔහුගේ හිස අලෝන ගසට අසුවී ඔහු අහසටත් පොළොවටත් අතරේ එල්ලී උන්නේය; ඔහු නැගීසිටි අශ්වතරයා යන්ට ගියේය.


ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.


ඔවුන් ද්‍රෝහිකම්කළ නිසා මම දේශය පාළුවක් කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.


නුමුත් ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම්කොට, දුෂ්ටයා කරන සියලුම පිළිකුල් ක්‍රියාවල හැටියට කළොත් ඔහු ජීවත්වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහිකරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම නිසාත් ඔහු කළ ඔහුගේ පාපය නිසාත් ඔහු නසින්නේය.


මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹලා වෙතින් අහක්ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවාදෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්