මෙසේ ඔව්හු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමඟ බිම හිඳගන උන්නෝය, කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔව්හු දුටුවෝය.
යෙසායා 47:1 - Sinhala Revised Old Version කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය. |
මෙසේ ඔව්හු රෑ සතකුත් දවල් සතකුත් ඔහු සමඟ බිම හිඳගන උන්නෝය, කිසිවෙක්ද ඔහුට වචනයක්වත් කීවේ නැත. මක්නිසාද ඔහුගේ ශෝකය ඉතා මහත් බව ඔව්හු දුටුවෝය.
විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, නුඹ අපට කළාක්මෙන් නුඹට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේගේ කෝපයේදීද උන්වහන්සේගේ තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.
මුහුදු කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. දකුණු දිග සුළිහුළං ගසන්නාක්මෙන් ඒක භයානක දේශයක් වන කාන්තාරයෙන් එන්නේය.
බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
මක්නිසාද උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක. උන්වහන්සේ එය පහත්කරනසේක, බිමටම ඒක පහත්කර ධූලියටම පමුණුවනසේක.
ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–සියොන් කන්‍යා දුව නුඹ සුළු කරනවාය, නුඹට සරදම්කරනවාය; යෙරුසලම් දුව නුඹට පස්සෙන් ඉස වනනවාය.
යෙරුසලම නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවාදමන්න.
නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.
එම්බා මිසරය නම් කන්‍යා දුව, ගිලියද්ට ගොස් ගුගුල් ගන්න. නුඹ විසින් බොහෝ බෙහෙත් පාවිච්චිකිරීම නිෂ්ඵලය; නුඹට සුවවීමක් නැත.
අහෝ දීබොන්හි වාසයකරන දියණිය, නුඹේ ඓශ්චර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා නුඹට විරුද්ධව ඇවිත් නුඹේ බලකොටු විනාශකෙළේය.
බබිලෝනිය සහ කල්දිවරුන්ගේ දේශය ගැන ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු වචනයය.
ඔව්හු දුනුද හෙල්ලද දරන්නෝය; ඔව්හු කෲරය, කරුණාවක් නොපෙන්වති; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි, ඔව්හු අසුන් පිට නැගීඑති; බබිලොන් දියණිය, ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධව යුද්ධකරන්ට පෙළට සෑදී සිටිති.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. බලව, මම බබිලෝනියට විරුද්ධවද ලෙබ්-කමයි වැසියන්ට විරුද්ධවද නාස්තිකරන හුළඟක් හටගන්වන්නෙමි.
මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
අපි නින්දාව ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමුව; විදේශීන් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ශුද්ධස්ථානවලට ඇතුල්වූ බැවින් අපේ මුහුණු වියවුල්කමින් වැසී තිබේ.
සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.
බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.
රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.
එකල මුහුදේ සියලුම අධිපතීහුද තමුන්ගේ සිංහාසනවලින් බැස, තමුන්ගේ සළු අහක තබා, තමුන්ගේ විසිතුරු වස්ත්‍ර ගළවාදමා, වෙවුලුම් [නැමති වස්ත්‍ර] ඇඳ බිම හිඳගෙන, මොහොතින් මොහොත වෙවුලමින්, නුඹ ගැන විස්මපත් වන්නෝය.
නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟුවී තිබේ, නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක්කරගත්තෙහිය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් විසින් නුඹ දකින පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි.
ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.
මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.
ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.