Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:33 - Sinhala Revised Old Version

33 මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය. තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 බබිලෝනිය ගොයම් පාගන කාලයෙහි දී දකින්නට ලැබෙන කමතක් වැනි ය. තව ස්වල්ප කාලයකින් ගොයම් කපන කාලය පැමිණෙනු ඇත. ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:33
15 හුවමාරු යොමු  

අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගෙන් මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.


ගොයම් පැසුණු නිසා දෑකැත්ත පොවන්න. මුද්‍රික යන්ත්‍රය පිරී තිබෙන බැවින් ඇවිත් බසින්න; මිදි යන්ත්‍රය පිරී තිබේ, පැස් ඉතිරීයන්නේය; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මහත්ය.


මම මාගේ සෙනඟගේ වහල්කම පහකරන විට, එම්බා යූදා, නුඹටත් ගොයම් කැපීමක් පැමිණෙන්ට නියමකර තිබේ.


සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම නුඹේ අඟ යකඩ කරන්නෙමි, නුඹේ කුර පිත්තල කරන්නෙමි. නුඹ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.


කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය; ඒවා වපුළ සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවදූතයෝය.


කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.


ඔබවහන්සේ කෝපයෙන් දේශයෙහි ගමන්කළසේක, උදහසින් ජාතීන් මැඩලූසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දමස්කයේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහනොකරන්නෙමි; මක්නිසාද මඩින යකඩ යන්ත්‍රවලින් ඔවුන් විසින් ගිලියද් දේශය මඩිනලද්දේය.


එසේය, කපන කාලයට පළමුවෙන් වැඩීම තීන්දුවී මල්වලින් ඵල සෑදී ඉදෙන විට, උන්වහන්සේද කැතිවලින් රිකිලි කපාදමා අතුත් කපා පහකරනවා ඇත.


කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ.


බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවිඩකාරයෙකුගේ පෙරමගට පණිවිඩකාරයෙක්ද දැනුම්දෙන අයගේ පෙරමගට දැනුම්දෙන අයෙක්ද දුවනවා ඇත


නුමුත් ඔව්හු ස්වාමීන්වහන්සේගේ අදහස් නොදනිති, උන්වහන්සේගේ මන්ත්‍රණය, එනම් උන්වහන්සේ පාවරෙහි ගොයම් මිටි මෙන් ඔවුන් එකතුකරගත් බව ඔව්හු තේරුම් නොගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්