ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක.
යෙසායා 42:21 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ තමන්ගේ ධර්මිෂ්ඨකම නිසා ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරවකරන්ට සතුටුවූසේක. Sinhala New Revised Version සමිඳාණන් සාධාරණ බැවින් එතුමන්ගේ අණපණත් උසස් කොට ගෞරවයට පත් කිරීමට එතුමාණෝ ප්‍රසන්න වූ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් සාධාරණ බැවින් එතුමන්ගේ අණපනත් උසස් කොට ගෞරවයට පත් කිරීමට එතුමාණෝ ප්‍රසන්න වූ සේක. |
ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක.
මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා පෙරටුකොටගෙන එන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨකම පමණක්ම සඳහන්කරන්නෙමි.
දෙවියන්වහන්ස, ඔබගේ ධර්මිෂ්ඨකම ඉතා උසස්ය; මහත් දේවල් කළාවූ දෙවියන්වහන්ස, ඔබට සමාන කවුද?
පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.
මාගේ සෙනඟෙනි, මට ඇහුම්කන්දෙන්න; මාගේ ජනයෙනි, මට කන්යොමුකරන්න. මක්නිසාද ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත්වන්නේය, මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටුවන්නෙමි.
ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය.
තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.
මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
මා එවූ තැනන්වහන්සේ මා සමඟ සිටිනසේක; උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමියි කීසේක.
මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.
එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.
ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.
එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත.
එබැවින් ඒවා පවත්වමින් කරන්න; මක්නිසාද මෙය මනුෂ්‍ය වර්ගයන් ඉදිරියෙහි නුඹලාගේ ප්‍රඥාවත් නුඹලාගේ නැණවත්කමත්ය, ඔවුන් මේ සියලු පනත් අසා: සැබවින්ම මේ මහත් ජාතිය ප්‍රඥාවන්තවූ නුවණ ඇත්තාවූ සෙනඟක්යයි කියනවා ඇත.
අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?
ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්,
එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.