යෙසායා 37:27 - Sinhala Revised Old Version එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැළඹී වියවුල්වූහ; ඔව්හු කෙතෙහි තෘණද, අමු පලාද, පියසි උඩ තණකොළද, වැඩෙන්ට පළමුවෙන් වේළුණු ගොයම්ද මෙන් වූවෝය. Sinhala New Revised Version එහි සිටි සෙනඟ බෙලහීන ය; ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය. ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ. Sinhala New Revised Version 2018 එහි සිටි සෙනඟ බෙලහීන ය; ඔව්හු කැළඹී වියවුල් වූවෝ ය. ඔව්හු කෙතේ තණ කොළ ද අමු පලා ද පියසි උඩ තණ කොළ ද වැඩෙන්න පළමුවෙන් වියළී ගිය ගොයම් ද මෙන් වූ හ. |
එබැවින් ඒවායේ වැසියෝ බෙලහීනව සිටියෝය, ඔව්හු කැලඹී වියවුලට පත්වුණෝය; ඔව්හු කෙතේ තෘණද අමුපලාද පියසි උඩ තණකොළද වැඩෙන්ට පළමුවෙන් වේළුන ගොයම්ද මෙන් වූවෝය.
දුෂ්ටයන් තණකොළ මෙන් වැඩෙන්නෙත්, අයුතුකම්කරන සියල්ලන් සඵලවන්නෙත්, ඔවුන් සදාකාලේට විනාශවන පිණිසය.
ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.
මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට නුඹලා විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය.
ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට අයිති නැත.
නුඹලාගේ මුඛයෙන් නුඹලා මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව නුඹලාගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.
ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.
මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න.
කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.