Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 37:10 - Sinhala Revised Old Version

10 මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට නුඹලා විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 37:10
15 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?


එබැවින් ස්වාමීන්වහන්සේ බබිලෝනියට විරුද්ධව කරගත් මන්ත්‍රණයද කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත. සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.


නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.


ඔව්හු මැරුම්කා කල්දිවරුන්ගේ දේශයෙහිද අනිනු ලැබ එහි වීථිවලද වැටෙන්නෝය.


එබැවින් ස්වාමීන්වහන්සේ ඒදොමට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත; සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.


කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත.


නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය.


සම්බවෙන එකිනෙකා ඇනුම් කනවා ඇත; අසුවෙන එකිනෙකා කඩුවෙන් වැටෙනවා ඇත.


ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


මා විසින් ශුභය පිණිස නොව විපත්තිය පිණිස මාගේ මුහුණ මේ නුවර කෙරෙහි යොමා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එය බබිලෝනියේ රජු අතට පාවාදෙනු ලබන්නේය, ඔහු එය ගින්නෙන් දවා දමන්නේය.


මේ නුවරට විරුද්ධව යුද්ධකරන කල්දිවරු ඇවිත් මේ නුවර ගිනිලා, ඒකත්, මා කෝපකරවන ලෙස යම් යම් ගෙවල පියසි උඩ බාල්ට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, ඒ ගෙවලුත් දවා දමන්නෝය.


තවද ඵාරාවෝගේ සේනාවට භයින් කල්දිවරුන්ගේ සේනාව යෙරුසලම කෙරෙන් ගිය කල,


මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්