සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
යෙසායා 37:24 - Sinhala Revised Old Version නුඹේ සේවකයන් ලවා නුඹ ස්වාමීන්වහන්සේට අපහාසකරවා කථාකොට–මාගේ රථ රාශිය සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත පළාත්වලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපාදමන්නෙමි. එහි උයන් වතු සහිත වනය වන ඉතා දුරවූ උස් ප්‍රදේශයටත් ඇතුල්වන්නෙමි. Sinhala New Revised Version නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය. Sinhala New Revised Version 2018 නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය. |
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.
උන්වහන්සේ ඔහුගේ වනයේද ඔහුගේ සාරවූ කෙතේද අලංකාරය, ශරීර ප්‍රාණ ඇතුළුව නැතිකරදමනසේක. ඒක කොඩිය උසුලන්නෙකුගේ ක්ලාන්තභාවය මෙන් වෙයි.
බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ භයංකරකමින් අතු කපාදමනසේක. උසින් උසස්වූ ඒවා කපනු ලබන්නේය, උඩඟු ඒවාද පහත්කරනු ලබන්නේය.
එසේය, දේවදාර ගස්ද ලෙබනොන්හි කිහිරි ගස්ද කථාකොට: නුඹ හෙළනු ලැබූ තැන් පටන් අප කපාදමන්ට කිසිවෙක් නැගී නායේයයි කියමින් නුඹ ගැන ප්‍රීතිවන්නෝය.
තව ස්වල්ප කලකින් ලෙබනොන් වනය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන් ගනු ලබන්ටත් තිබෙනවා නොවේද?
එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?
ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචන ගැන උන්වහන්සේ තර්ජනයක් කරනවා ඇත. එබැවින් තවම ඉතුරුව සිටින සෙස්සන් උදෙසා නුඹේ යාච්ඤාව ඔප්පුකරන්නැයි කීවෝය.
මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම නුඹ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි.
මම නුඹට විරුද්ධව හැමදෙනාම තම තමාගේ ආයුධ ගත් විනාශකරන්නන් වෙන්කොට තබන්නෙමි. ඔව්හු නුඹේ අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝය.
මිසරය නයිල් ගංගාව මෙන් ගලයි, එහි ජලධාරාවෝ ගංගාවල මෙන් රැළ ගසති. මම නැගී ගොස් දේශය වසාගෙන නුවරවල්ද එහි වැසියන්ද විනාශකරන්නෙමියි ඔහු කියන්නේය.
මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ යෙරුසලම දෙසට හරවා තබාගන, ශුද්ධස්ථාන දෙසට නුඹේ වචනය පිටෝතුකරමින්, ඉශ්‍රායෙල් දේශයට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.
තවද රජ කථාකොට: මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි කීවේය.