Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:9 - Sinhala Revised Old Version

9 එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එතරම් බැරි නම් රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුව ද පලවා හරින්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එතරම් බැරි නම් රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුව ද පලවා හරින්නේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:9
13 හුවමාරු යොමු  

ඔහු කථාකොට: මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද?


නුඹේ මාර්ගය වෙනස්කරන්ට නුඹ ඔපමණ තැනින් තැන යන්නේ මක්නිසාද? අෂූර් නිසා නුඹ ලජ්ජාවට පැමුණුණාක්මෙන් මිසරය නිසාත් නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහිය.


බලව, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණු බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බරවුණොත් ඒක ඔහුගේ අතේ ඇනී හිල්වන්නේය. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එයාකාරය.


මිසරවරු දෙවියන්වහන්සේ නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. ස්වාමීන්වහන්සේ තමන් අත දිගුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.


මිසරයේ උදව්ව නිෂ්ඵලය, නිරර්ථකය. එබැවින් නිකම් ඉන්න රාහබ්යයි ඈට නම් තැබුවෙමි.


ඔව්හු තමුන්ගේ බලාපොරොත්තුව වන කූෂ් ගැනද තමුන්ගේ පාරට්ටුව වන මිසරය ගැනද කැලඹී ලජ්ජාවට පැමිණෙන්නෝය.


අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.


එසේ නුඹට බැරි නම් නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙක් වුවත් එළවාදමන්නේ කොහොමද? රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගන සිටිනවාද?


බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,


ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්