Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 37:25 - Sinhala Revised Old Version

25 මම හාරා වතුර බීවෙමි, මාගේ පය තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 නුඹ විදේශීය රටවල ළිං හාරා, වතුර බීවෙහි ය කියා ද නුඹේ හේවායෝ නයිල් ගඟ වේළෙන තුරු එය පයින් පෑගුවෝ ය කියා ද කීවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 නුඹ විදේශීය රටවල ළිං හාරා, වතුර බීවෙහි ය කියා ද නුඹේ හේවායෝ නයිල් ගඟ වේළෙන තුරු එය පයින් පෑගුවෝ ය කියා ද කීවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 37:25
8 හුවමාරු යොමු  

බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.


නුමුත් රබ්-ෂාකේ කථාකොට: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉඳගන ඉන්න මනුෂ්‍යයන් විසින් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මුත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට මා එවුවා නොවේදැයි කීවේය.


මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ.


ගංගා ගඳගසයි; මිසරයේ ඔයවල් හිස්වී සිඳීයයි. බටගස්ද පන්ද මැළවෙයි.


මක්නිසාද ඔහු කථාකොට: මා ඒක කළේ මාගේ අතේ සවියෙනුත් මාගේ ප්‍රඥාවෙනුත්ය. මට නුවණ ඇත්තේය. මම ජනයන්ගේ සීමා පහකෙළෙමි, ඔවුන්ගේ සම්පත්ද පැහැරගෙන, සිංහාසන පිට උන් අය බලවන්තයෙකු මෙන් හෙළාදැමීමි.


ජනයන්ගේ වස්තු පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසුවිය; අත්හැරදැමූ බිජු එකතුකරන්නාක්මෙන් මම මුළු පොළොව එකතුකරගත්තෙමි. පියාපත් සෙලවීමක්වත් කට ඇරීමක්වත් ශබ්ද කිරීමක්වත් නොවීයයි කීයේය.


මුහුදෙන් ජලය පහවන්නේය, ගංගාවද හිඳී වියළෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්