නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.
යෙසායා 30:31 - Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හඬින් අෂූරියයා පොඩිකරනු ලබන්නේය, උන්වහන්සේ තමන් යෂ්ටියෙන් ඔහුට පහරදෙනසේක. Sinhala New Revised Version දෙවියන් වහන්සේගේ හඬ අසා, උන් වහන්සේගේ දඬුවමේ පහරට ගොදුරු වන විට අසිරියන්වරු භීතියෙන් ඇලළී යන්නෝ ය. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේගේ හඬ අසා, උන් වහන්සේගේ දඬුවමේ පහරට ගොදුරු වන විට අසිරියන්වරු භීතියෙන් ඇලළී යන්නෝ ය. |
නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.
මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.
පොරොව ඒකෙන් කපන්නාට විරුද්ධව පාරට්ටු කරගනීද? නොහොත් කියත එයින් ඉරන්නාට විරුද්ධව උඩඟුවේද? ඒ වනාහි පොල්ලක් විසින් ඒක ඔසවන්නන් සොලවන්නාක්මෙන්ද සැරයටියක් විසින් ලී නොවන තැනැත්තා ඔසවන්නාක්මෙන්ද වන්නේය.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: සියොන්හි වසන මාගේ සෙනඟෙනි, අෂූරියයා පොල්ලෙන් නුඹට ගසා, මිසරය කළාක්මෙන් තමාගේ සැරයටිය නුඹට විරුද්ධව ඔසවන නුමුත්, ඔහුට භය නොවන්න.
සේනාවල ස්වාමීන්වහන්සේ ඕරෙබ් පර්වතය ළඟදී මිදියන් මරාදැමූ ලෙස, ඔහුට විරුද්ධව කසයක් ඔසවා තමන්ගේ සැරයටිය මුහුදට උඩින් තබනවා ඇත, මිසරයේදී කළාක් මෙන් එය ඔසවනවා ඇත.
අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නැමති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය!
ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරනසේක.
එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.
ඔහුට පහරදුන් අයට උන්වහන්සේ පහරදුන්නාක්මෙන් උන්වහන්සේ ඔහුටත් පහරදුන්සේක්ද? නොහොත් ඔවුන් මැරුම්කෑවා වාගේ ඔහු මැරුම් කෑවේද?
ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.
එකල අෂූරියයා මනුෂ්‍යයාගේ නොවන කඩුවකින් වැටෙන්නේය; මනුෂ්‍යයන්ගේ නොවන කඩුවකින් ඔහු විනාශවන්නේය. ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය, ඔහුගේ තරුණයෝ රාජකාරියට යටත්වන්නෝය.
මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.