Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 10:26 - Sinhala Revised Old Version

26 සේනාවල ස්වාමීන්වහන්සේ ඕරෙබ් පර්වතය ළඟදී මිදියන් මරාදැමූ ලෙස, ඔහුට විරුද්ධව ‍කසයක් ඔසවා තමන්ගේ සැරයටිය මුහුදට උඩින් තබනවා ඇත, මිසරයේදී කළාක් මෙන් එය ඔසවනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සියලු බලැති ස්වාමීන් වන මම ඕරෙබ් පර්වතය ළඟ දී මිදියන්වරුන්ට පහර දුන්නාක් මෙන් කසයකින් අසිරියන්වරුන්ට තළන්නෙමි. මිසර වැසියන්ට මා පහර දුන්නාක් මෙන් මම අසිරියාවට ද පහර දෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සියලු බලැති ස්වාමීන් වන මම ඕරෙබ් පර්වතය ළඟ දී මිදියන්වරුන්ට පහර දුන්නාක් මෙන් කසයකින් අසිරියන්වරුන්ට තළන්නෙමි. මිසර වැසියන්ට මා පහර දුන්නාක් මෙන් මම අසිරියාවට ද පහර දෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 10:26
21 හුවමාරු යොමු  

මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.


ඔව්හු මිදියන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ්ද ශීබ්ද අල්ලාගෙන ඔරෙබ් පර්වතය ළඟදී ඔරෙබ් මරා, ශීබ්හි මිදි යන්ත්‍රය ළඟදී ශීබ්ද මරා, මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය. තවද ඔරෙබ්ගේද ශීබ්ගේද හිස් යොර්දානෙන් එගොඩ ගිඩියොන් වෙතට ගෙනාවෝය.


ඒ රාත්‍රියේ ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන් දහසකට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණ විට, බලව, ඒ සියල්ලන් මැරිලාය.


නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.


ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.


ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.


ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ උන්වහන්සේගේ සෙනඟට මහ මාවතක් වන්නේය.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: සියොන්හි වසන මාගේ සෙනඟෙනි, අෂූරියයා පොල්ලෙන් නුඹට ගසා, මිසරය කළාක්මෙන් තමාගේ සැරයටිය නුඹට විරුද්ධව ඔසවන නුමුත්, ඔහුට භය නොවන්න.


ඔවුන්ගේ උත්තමයන් ඔරෙබ් සහ ශීබ් මෙන්ද ඔවුන්ගේ අධිපතීන් සියල්ලන් සෙබා සහ ශල්මුන්නා මෙන්ද කළ මැනව.


මාගේ දෙවියනි, මාගේ ස්වාමිනි, මාගේ යුක්තිය පිණිස එනම් මාගේ කාරණය සඳහා පිබිද නැගුටුණ මැනව.


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හඬින් අෂූරියයා පොඩිකරනු ලබන්නේය, උන්වහන්සේ තමන් යෂ්ටියෙන් ඔහුට පහරදෙනසේක.


ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.


ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.


ස්වාමීන්වහන්සේ විසින් ඔහු පිටට පමුණුවන්නාවූ නියමකළ සැරයටියේ සියලු පහරවල් සමඟ රබන් ගැසීමත් වීණා ගෑමත් වන්නේය. කලඹන සුලු යුද්ධවලින්ද උන්වහන්සේ ඔහු සමඟ යුද්ධකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්