යෙසායා 28:18 - Sinhala Revised Old Version මරණය සමඟ තිබෙන නුඹලාගේ ගිවිසුම අවලංගුවන්නේය, පාතාලය සමඟ තිබෙන නුඹලාගේ පොරොන්දුව පවතින්නෙත් නැත; ගලාඑන විපත පැමිණෙන විට නුඹලා එයින් පාගාදමනු ලබන්නහුය. Sinhala New Revised Version එවිට ඔබ මරණය සමඟ කරගත් ගිවිසුම කඩ කරන්නහු ය; පාතාල ලෝකය සමඟ කරගත් එකඟත්වය අවලංගු කරන්නහු ය. කඩාගෙන, බිඳගෙන එන විපත්තිය පැමිණි විට ඔබ එයින් ගසාගෙන යනු ලබන්නහු ය. Sinhala New Revised Version 2018 එවිට ඔබ මරණය සමඟ කරගත් ගිවිසුම කඩ කරන්නහු ය; පාතාල ලෝකය සමඟ කරගත් එකඟත්වය අවලංගු කරන්නහු ය. කඩාගෙන, බිඳගෙන එන විපත්තිය පැමිණි විට ඔබ එයින් ගසාගෙන යනු ලබන්නහු ය. |
අපි මරණය සමඟ ගිවිසුමක් කොට පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.
ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය නුඹලාට කියමි. මම එහි වැට පහකරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳ දමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.
නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.
යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.
මම යූදාහිද යෙරුසලමේද මන්ත්‍රණය මේ ස්ථානයේදී හිස්කර, ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ගේ අත්වලින්ද ඔවුන් වැටෙන්ට සලස්වා, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.
එතනිනුත් නුඹ නුඹේ අත් ඉස පිට තබාගෙන පිටත්ව යන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාසයන් එපාකර තිබේ, ඒවායින් නුඹ සඵල නොවන්නෙහිය.
කඩුවෙන් ගැළවෙන අය ගණනින් ස්වල්පව, මිසර දේශයෙන් යූදා දේශයට හැරී යන්නෝය; මෙසේ ස්ථිරවෙන්නේ මාගේ වචනයද නොහොත් ඔවුන්ගේ වචනයදැයි මිසර දේශයේ පොරොත්තුව සිටින්ට එහි ගියාවූ ඉතිරි සියලු යූදාවරුන් දැනගන්නවා ඇත.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, වතුරු උතුරෙන් ගලා ඇවිත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි පූර්ණකමද නුවර සහ එහි වැසියන්ද උඩින් ගලායන්නේය. මනුෂ්‍යයෝද කෑගසන්නෝය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝය.
නිෂ්ඵලවූ උපකාර ගැන බලාසිටීමෙන් අපේ ඇස් තවම ක්ෂයවන්නේය. ගළවන්ට බැරි ජාතියක් ගැන මුර කුළුනු උඩ අපි බලා සිටියෙමුව.
ඒක වැටෙන්නේයයි පදම් නොකළ බදාම ගාන අයට කියන්න. ඉතා සැර වැස්සක් එන්නේය; එම්බා මහත් ගල් වර්ෂාවෙනි, නුඹලා වැටෙනවා ඇත; හුළං-කුණාටුවක් එය ඉරාදමන්නේය.
නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්ට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?
තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.
නුමුත් ගලායන ජලගැල්මකින් උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන් සහමුලින්ම විනාශකරනසේක, තමන්ගේ සතුරන්ද අන්ධකාරයට පන්නාදමනසේක.
නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.
සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගනයන්ට සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා ඇරියේය.
ඔහු තවත් මට කථාකොට: වේශ්‍යාව හිඳගන ඉන්න තැන නුඹ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද වෙති.