මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනීය දෙවියන්වහන්සේ විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.
යෙසායා 21:9 - Sinhala Revised Old Version අන්න, දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිට මනුෂ්‍යයෝ නැගී එතියි කීවේය. ඔහු උත්තරදෙමින්: බබිලෝනිය වැටුණාය, වැටුණාය; ඇගේ දෙවිවරුන්ගේ කැපූ රූප සියල්ලම කඩා බිමදමනලද්දේයයි කීවේය. Sinhala New Revised Version හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය. Sinhala New Revised Version 2018 හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය. |
මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනීය දෙවියන්වහන්සේ විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.
නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!
ඔහු මෘගයන් පිට එනම් දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිටද කොටළුවන් පිටද මනුෂ්‍යයන් නැගී එනවා දකිනකල ඉතා ඕනෑකමින්ම ඇහුම්කන්දෙන්නේයයි කීසේක.
කල්දිවරුන්ගේ දියණිය, නිශ්ශබ්දව ඉඳ අන්ධකාරයට ඇතුල්වෙන්න. මක්නිසාද නුඹ: රාජ්‍යවල ස්වාමිදුවයයි තවත් කියනු නොලබන්නීය.
නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.
නුඹලා සියල්ලෝම රැස්වී අසන්න; ඔවුන් අතරෙන් මේ දේ දැන්නුවේ කවුද? ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක. ඔහු උන්වහන්සේගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ටකරනවා ඇත, ඔහුගේ හස්තය කල්දිවරුන් පිටට පැමිණෙන්නේය.
බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.
නියඟක් ඇගේ ජලයන් පිටට පැමිණ, ඒවා හිදීයනවා ඇත. මක්නිසාද එය කැපූ රූප ඇති දේශයක්ය, ඒ භයානක දේවල් ගැනද ඔව්හු උමතුවී සිටිති.
ඔව්හු දුනුද හෙල්ලද දරන්නෝය; ඔව්හු කෲරය, කරුණාවක් නොපෙන්වති; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි, ඔව්හු අසුන් පිට නැගීඑති; බබිලොන් දියණිය, ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධව යුද්ධකරන්ට පෙළට සෑදී සිටිති.
මක්නිසාද මම උතුරු දේශයෙන් මහත් ජාතීන් රාශියක් බබිලෝනියට විරුද්ධව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් ඈට විරුද්ධව සැරසී සිටිනවා ඇත; ඈ ඔවුන්ගේ අතට අසුවෙනවා ඇත. ඔවුන්ගේ ඊගස් දක්ෂ බලවන්තයෙකුගේ ඊගස් වැනිය; ඒවා නිකම් හැරී එන්නේ නැත.
දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.
මම බබිලෝනියේදී බේල්ට දඬුවම්කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට නික්මවන්නෙමි; ජාතීහු ඔහු වෙතට තවත් ගලාගන නොයන්නෝය. එසේය, බබිලෝනියේ පවුර වැටෙන්නේය.
එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය, ඇගේ මුළු දේශය ලජ්ජාවට පැමිණෙන්නේය; ඈ තුළ මැරුම්කන සියල්ලෝ ඈ තුළම වැටෙන්නෝය.
එබැවින් මා විසින් ඇගේ රූපවලට දඬුවම්කරන දවස් පැමිණෙන්නේය; ඇගේ දේශය මුළුල්ලෙහි තුවාල ලැබූ අය කෙඳිරිගානවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මා විසින් ඈ පිටට පමුණුවන විපත්තියෙන් ගොඩනොඑන්නීය. ඔව්හු වෙහෙසවන්නෝයයි කියන්නැයි කීවේය. යෙරෙමියාගේ වචන මෙසේ නිමි.
බබිලෝනිය හදිසියෙන් වැටී විනාශවූවාය. ඈ ගැන කෑමොරගසන්න; ඈට සුවවේදෝ කියා බලන පිණිස ඇගේ තුවාලයට ගුගුල් ගෙනෙන්න.
තව දෙවෙනි දේවදූතයෙක්ද (ඔහු) පස්සේ ගොස්: තමාගේ වේශ්‍යාකමේ කෝපය නමැති මුද්‍රිකපානය සියලු ජාතීන්ට පෙවුවාවූ මහත් බබිලෝනිය වැටුණේය, වැටුණේයයි කීය.
ඔහු බලවත් හඬකින් මොරගසා: මහා බබිලෝනිය වැටුණාය, වැටුණාය, ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍රවූ පිළිකුල්වූ පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය.
තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.