Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:64 - Sinhala Revised Old Version

64 මා විසින් ඈ පිටට පමුණුවන විපත්තියෙන් ගොඩනොඑන්නීය. ඔව්හු වෙහෙසවන්නෝයයි කියන්නැයි කීවේය. යෙරෙමියාගේ වචන මෙසේ නිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

64 ‘බබිලෝනිය මෙසේ ම කිඳා බැස මා ඈ පිට පමුණුවන විපත්තියෙන් ගොඩ නොඑන්නී යැ’යි කියන්න.” ජෙරමියාගේ පණිවුඩය මෙතැනින් අවසන් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

64 ‘බබිලෝනිය මෙසේ ම කිඳා බැස මා ඈ පිට පමුණුවන විපත්තියෙන් ගොඩ නොඑන්නී යැ’යි කියන්න.” ජෙරමියාගේ පණිවුඩය මෙතැනින් අවසන් වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:64
16 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ පළල්වූ පවුරු සහමුලින්ම හෙළාදමනු ලබන්නේය, ඇගේ උස් දොරටුද ගින්නෙන් දවනු ලබන්නේය; මෙසේ ජනයෝ හිස්කමටද ජාතීහු ගින්නටද පමණක් වීර්යකර වෙහෙසෙන්නෝය.


තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය. යෝබ්ගේ වචන නිමි.


තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.


යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.


ඔහු බලවත් හඬකින් මොරගසා: මහා බබිලෝනිය වැටුණාය, වැටුණාය, ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍රවූ පිළිකුල්වූ පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය.


තව දෙවෙනි දේවදූතයෙක්ද (ඔහු) පස්සේ ගොස්: තමාගේ වේශ්‍යාකමේ කෝපය නමැති මුද්‍රිකපානය සියලු ජාතීන්ට පෙවුවාවූ මහත් බබිලෝනිය වැටුණේය, වැටුණේයයි කීය.


බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් නොවේද?


මුහුද බබිලෝනිය පිටට ගලා ආයේය. ඈ එහි රැළ රාශියෙන් වැසීගියේය.


නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


උන්වහන්සේ අධිපතීන්ගේ එඩි මඩිනසේක. පොළොවේ රජුන්ට භයංකර වන සේක.


නුඹේ බොහෝ මන්ත්‍රණවලින් නුඹ වෙහෙසවී සිටිනෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා.


ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වාසියා රවටනවා ඇත, ඔවුන් සැබෑව කියන්නේ නැත. ඔව්හු තමුන්ගේ දිවට බොරු කියන්ට ඉගැන්නුවෝය; ඔව්හු අපරාධකිරීමට වෙහෙසෙති.


ජනයන් අතරෙහි නුඹව අඳුනන සියල්ලෝ නුඹ ගැන විස්මපත්වන්නෝය. නුඹ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් නුඹ නොවන්නෙහියයි කීය.


නුඹ මිලේටගත්තාවූ නුඹේ ඉඟටියෙහි තිබෙන පටිය අරගෙන පිටත්වී, ප්‍රාත් ගංගාව ළඟට ගොස් එහි පර්වතයේ විවරයක ඒක සඟවා තබන්නැයි කීය.


තවද නුඹ සමඟ යන මනුෂ්‍යයන් ඉදිරියේදී කළය බිඳ, ඔවුන්ට මෙසේ කියන්න:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්