Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:27 - Sinhala Revised Old Version

27 දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:27
24 හුවමාරු යොමු  

ගොමෙර්ගේ පුත්‍රයෝනම්: අෂ්කෙනස්, රිඵත් සහ තොගර්මාය.


ගොමෙර්ගේ පුත්‍රයෝනම්: අෂ්කෙනස්, ඩීඵත් සහ තොගර්මාය.


නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය.


බබිලෝනියේ පවුරුවලට විරුද්ධව කොඩියක් ඔසවා, මුරපළ සවිකර, මුරකාරයන් සිටවා, රහස් සේනාව සූදානම්කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනියේ වැසියන්ට විරුද්ධව කී දේ උන්වහන්සේ යෝජනාකළාක්මෙන්ම ඉෂ්ටකළසේක.


ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.


මක්නිසාද බොහෝ ජාතීහුද මහත් රජවරුද ඔවුන් පවා දාසකමට ගන්නෝය. මමද ඔවුන්ගේ ක්‍රියා ලෙසත් ඔවුන්ගේ අත්වල වැඩේ ලෙසත් ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


පළඟැටියන් මෙන් මනුෂ්‍යයන්ගෙන් නුඹ පුරවන්නෙමි; ඔවුන් නුඹට විරුද්ධව ඝෝෂාවක් නගනවා ඇත කියා සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ගැනම දිවුළසේක.


ලෝකයේ වැසියෝද පොළොවෙහි වාසයකරන්නෝද යන සියල්ලෙනි, කඳු පිට කොඩියක් ඔසවන විට බලන්න; හොරණෑව පිඹින විට අසන්න.


එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


ඇගේ කැලෑවට වදින්ට බැරි නුමුත් ඔව්හු ඒක කපා දමන්නෝය; මක්නිසාද ඔව්හු පළඟැටියන්ට වඩා වැඩිව, ගණනාවක් නැතුව සිටිත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.


බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.


තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.


මක්නිසාද ඔව්හු තමුන්ගේ ගවයන්ද කූඩාරම්ද ඇතුව නැගී ආවෝය, ඔව්හුද ඔවුන්ගේ ඔටුවෝද ගණනින් පළඟැටියන් මෙන් ගණනාවක් නැතුව ඇවිත්, දේශය විනාශකරන පිණිස එහි ඇතුල්වුණෝය.


තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රවූ අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට සැඟවී ගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජවිය.


මක්නිසාද ඈට විරුද්ධව උතුරු දිගින් ජාතියක් එන්නේය, ඔවුන් ඇගේ දේශය පාළුවක් කරනවා ඇත, කිසිවෙක් එහි නොවසන්නේය. මනුෂ්‍යයෝද මෘගයෝද දෙගොල්ලම පලාගියෝය, අහක්ව ගියෝය.


මක්නිසාද මම උතුරු දේශයෙන් මහත් ජාතීන් රාශියක් බබිලෝනියට විරුද්ධව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් ඈට විරුද්ධව සැරසී සිටිනවා ඇත; ඈ ඔවුන්ගේ අතට අසුවෙනවා ඇත. ඔවුන්ගේ ඊගස් දක්ෂ බලවන්තයෙකුගේ ඊගස් වැනිය; ඒවා නිකම් හැරී එන්නේ නැත.


ජාතීන්ද මේදයේ රජවරුන්ද එහි ආණ්ඩුකාරයන්ද එහි සියලු මුලාදෑනීන්ද ඔවුන්ගේ ආණ්ඩුවේ මුළු දේශයද ඈට විරුද්ධව සූදානම්කරන්න.


ජාතීන් අතරේ මේක ප්‍රකාශකරන්න; යුද්ධයට පේවී, බලවතුන් නැගුටුවන්න; සියලු යුද්ධකාරයෝ ළංවී නැගී එත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්