Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 21:10 - Sinhala Revised Old Version

10 අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගෙන් මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මාගේ ඉශ්රායෙල් සෙනඟෙනි, නුඹලා කමතේ ගොයම් මෙන් මඩිනු ලැබුවහු ය. එහෙත් දැන්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සව් බලැති සමිඳුන්ගෙන් මා ඇසූ ශුභ අස්න මම නුඹලාට දැනුම් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මාගේ ඉශ්රායෙල් සෙනඟෙනි, නුඹලා කමතේ ගොයම් මෙන් මඩිනු ලැබුවහු ය. එහෙත් දැන්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සව් බලැති සමිඳුන්ගෙන් මා ඇසූ ශුභ අස්න මම නුඹලාට දැනුම් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 21:10
13 හුවමාරු යොමු  

මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම නුඹේ අඟ යකඩ කරන්නෙමි, නුඹේ කුර පිත්තල කරන්නෙමි. නුඹ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


සිරියේ රජ යෙහෝවාහාස්ට සේනාවෙන් ඉතුරුකළේ අසරුවන් පනසක්ද රථ දශයක්ද පාබලසෙනඟ දස දහසක්ද පමණය; මක්නිසාද ඔහු ඔවුන් විනාශකොට, ඔවුන් මැඩ දූවිලි මෙන් කෙළේය.


ඔබවහන්සේ කෝපයෙන් දේශයෙහි ගමන්කළසේක, උදහසින් ජාතීන් මැඩලූසේක.


මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.


ඒ මනුෂ්‍යයා මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසා, මා නුඹට පෙන්වන සියල්ලට නුඹේ සිත යොමුකරන්න; මක්නිසාද නුඹ මෙහි පැමිණෙවුවේ ඒවා නුඹට පෙන්වන පිණිසය. නුඹ දකින සියල්ල ඉශ්‍රායෙල් වංශයට දන්වන්න කීවේය.


රොටි-ධාන්‍ය අඹරනු ලබන්නේය; මක්නිසාද ඔහු ඒවා නිතරම තළ තළා නොසිටින්නේය. තමාගේ රථ රෝද සහ තමාගේ අශ්වයන් ඒවා පිට ගෙනගොස් ඒවා විසුරුවන නුමුත් ඒවා පොඩිකරවන්නේ නැත.


ස්වප්නයක් දුටු ප්‍රොපේත තෙම ස්වප්නයක් කියාවා; මාගේ වචනය ඇත්තා මාගේ වචනය විශ්වාස ලෙස කියාවා; ධාන්‍ය සමඟ පිදුරු තිබෙන්ට යුතුකම මොකදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සිංහයා ගර්ජනාකෙළේය, භය නොවන්නේ කවුද? ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකළසේක, ප්‍රොපේතවාක්‍ය නොකියන්නේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්