ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
යාකොබ් 5:5 - Sinhala Revised Old Version නුඹලා පොළොවේදී සැපජීවිකාවෙන් වැස, අලංකාරකමින් පසුවුණහුය; මැරුම්කන දවසකදී නුඹලාගේ සිත් නුඹලා පෝෂ්‍යකරගත්තහුය. Sinhala New Revised Version ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත. සිංහල කාලීන පරිවර්තනය මේ පොළොවේ ඔබ ජීවත් වූයේ සුඛ විහරණයෙනි, තමන්ම පිනවා ගැනීමෙනි. ඝාතන කරන දවසට ඔබ ඔබේ හදවත් තරකර ගෙන ඇත. Sinhala New Revised Version 2018 ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත. |
ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.
තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය.
තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
එහෙත් ප්‍රීති සන්තෝෂයත් ගොනුන් සහ බැටළුවන් මැරීමත් මස් කෑමත් මුද්‍රිකපානය බීමත් තිබේ. අපි කමු, බොමු, මක්නිසාද හෙට මියන්නෙමුයයි කියති.
තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,
ඉතින් සැප ජීවිකාවට ඇලුම්වූ, නොසැලකිලිකමින් වාසයකරන්නාවූ: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි කියාද මා වැන්දඹුවක් වෙන්නේවත් දරුවන් නැතිවීමක් අත්දකින්නේවත් නැතැයි කියාද සිත තුළ කියාගන්නාවූ නුඹ මේක අසන්න.
ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.
එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ මා දන්නාසේක; ඔබ මා දකිනසේක, මාගේ සිත ඔබ කෙරෙහි තිබෙන්නේ කොහොමද කියා ඔබ විභාගකරනසේක. ඔවුන් මරණයට නියම බැටළුවන් මෙන් වෙන්කර, මරා දැමීමේ දවසට සූදානම්කළ මැනව.
එඬේරුනි, කෑමොරගසා හඬන්න; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට නුඹලාගේ දවස් සම්පූර්ණවී තිබේ; මම නුඹලා කැබලිකොට බිඳින්නෙමි. නුඹලාද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත.
මෙන්න, නුඹේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.
මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ වනාහි සියලු ආකාර පක්ෂීන්ටද වනයේ සියලු මෘගයන්ටද කථාකොට–තෙපි රැස්වී වරෙව්; මා විසින් ඉශ්‍රායෙල් කඳු පිට තොප උදෙසා ඔප්පුකරන මහත් පූජාවක් වන මාගේ පූජාවට වටකරින් එකතුවී මස් කා ලේ බොව්.
සියොන්හි පහසුගෙන නොසැලකිල්ලෙන් සිටින්නන්ටද සමාරියේ කන්දේ අප්‍රවේසම්ව සිටින්නන්ටද දුක්වේ! ඔව්හු ජාතීන්ගෙන් ප්‍රධාන ජාතියේ උත්තමයෝය, ඉශ්‍රායෙල් වංශයද ඔවුන් ළඟට එන්නෝය.
රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දාවූ, දවස් පතා සැපජීවිකාවෙන් කාලය ගතකළාවූ එක්තරා ධනවතෙක් සිටියේය.
නුමුත් ආබ්‍රහම් කියනුයේ: පුත්‍රය, නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහිකරන්න. නුමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳියි, නුඹ වේදනා විඳිනෙහිය.
ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.
ඔව්හු දවාලෙහි ක්‍රීඩා ඝෝෂාව ප්‍රීතියක්යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු නුඹලා සමඟ මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ඝෝෂා පවත්වති;
මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම–මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.
ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය.
අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.
සම්පත් ඇති ඔහුට කථාකොට–නුඹට සමාදානය වේවා, නුඹේ පවුලටත් සමාදානය වේවා, නුඹට ඇති සියල්ලටත් සමාදානය වේවා.