නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
යාකොබ් 1:27 - Sinhala Revised Old Version අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය. Sinhala New Revised Version අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය. සිංහල කාලීන පරිවර්තනය පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය. Sinhala New Revised Version 2018 අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය. |
නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.
ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක.
නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය.
ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
ව්‍යවස්ථාවක් නැතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනාශවන්නෝය. ව්‍යවස්ථාවක් ඇතුව පව්කළාවූ සියල්ලෝ ව්‍යවස්ථාව කරණකොටගෙන විනිශ්චයකරනු ලබන්නෝය.
උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගළවන පිණිස අපගේ පියවූ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවාදුන්සේක.
ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.
මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ප්‍රේමය කරණකොටගෙන ක්‍රියාකරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේද්‍යයෙන්වත් අචර්මඡේද්‍යයෙන්වත් ප්‍රයෝජනයක් නැත.
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටුකරගන්ට මට නම් සිද්ධ නොවේවා; ඒ කරණකොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසියෙහි ඇණ ගසනුලද්දේ විය.
පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ ව්‍යවහාරය ලෙසත්, අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවු ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒවායෙහි හැසුරුණහුය.
එවිට ලෙවීයයාට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් නුඹේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ කරන නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹට ආශීර්වාදකරනවා ඇත.
ආඥාවේ අභිප්‍රාය නම් පිරිසිදු සිතකිනුත් යහපත් හෘදයසාක්ෂියකිනුත් සැබෑ අවංකවූ ඇදහිල්ලෙනුත් නික්මෙන ප්‍රේමයය.
නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.
අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, ආශීර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලාසිටිමින්,
නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.
එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව.
කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි, ලෝකය සමඟ මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍රවෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.
ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ; එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන් නුඹලා ගැළවී, ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය.
මක්නිසාද ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමෙන් ලෝකයේ කිලුටුකම්වලින් මිදුණායින් පසු ඔවුන් නැවත ඒවාට පටලැවී වහල්වුණොත්, ඔවුන්ගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරු වන්නේය.
ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න.
දෙවියන්වහන්සේගෙන් ඉපිදී සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමුව; එහෙත් දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂාකරගන්නේය, නපුරා ඔහුට අතගසන්නේ නැත.