යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,
නෙහෙමියා 3:1 - Sinhala Revised Old Version එකල උත්තම පූජකයාවූ එලියාෂීබ් තෙම පූජකයන්වූ ඔහුගේ සහෝදරයන් සමඟ නැගිට බැටළු දොරටුව ගොඩනගා, ඒක විශුද්ධකොට, ඒකේ දොරවල් තැබුවෝය; හම්මේයාහ කොතද හනනේල්ගේ කොතද දක්වා ඔව්හු ඒක විශුද්ධකළෝය. Sinhala New Revised Version එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය. Sinhala New Revised Version 2018 එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය. |
යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,
එප්‍රායිම් දොරටුවට උඩිනුත් පුරාණ දොරටුව ළඟිනුත් මත්ස්‍ය-දොරටුවද හනනේල්ගේ කොත සහ හම්මෙයාගේ කොත ළඟිනුත් බැටළු-දොරටුව දක්වා ගොස්, හිරගෙයි දොරටුව ළඟ නැවතුණෝය.
උත්තම පූජකවූ එලියාෂීබ්ගේ පුත්‍රයා වන යෝයාදාගේ පුත්‍රයෙක් හොරොනිය සන්බලාට්ට බෑනාව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙවුවෙමි.
මීට පළමුවෙන් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවල් කෙරෙහි පත්ව සිටියාවූ, ටෝබියාට නෑකම් ඇත්තාවූ,
ඔහු ගාව සබ්බයිගේ පුත්‍රවූ බාරුක් පවුරු කොනේ සිට උත්තම පූජකයාවූ එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ දක්වා තව කොටසක් ජ්වලිතකමින් අලුත්වැඩියාකෙළේය.
ඔහු ගාව හක්කෝශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් එලියාෂීබ්ගේ ගෙයි දොරකඩ පටන් එලියාෂීබ්ගේ ගෙයි කෙළවර දක්වා තව කොටසක් අලුත්වැඩියාකෙළේය.
කිසි කැඩුමක් ඉතුරු නොවන ලෙස මා විසින් පවුර ගොඩනගන ලද බව සන්බලාට්ටද ටෝබියාටද අරාබිය ගෙෂෙම්ටද අපේ අනික් සතුරන්ටද සැලවුණේය. එහෙත් ඒ කාලය වෙනතුරුම මා විසින් දොරටුවල දොරවල් තබා නොතිබුණේය.
පවුර ගොඩනැගුවායින් පසු මම දොරවල් පිහිටෙවුවෙමි, දොරටුපාලයෝද ගායනාකාරයෝද ලෙවීවරුද පත්කරනු ලැබුවෝය.
ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක.
බලව, හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා ස්වාමීන්වහන්සේ උදෙසා නුවර ගොඩනගනු ලබන දවස් පැමිණෙන්නේය.
එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත.
මුළු දේශයද ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම්මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමානවන්නේය; නුවරද උස්සනු ලැබ, ඒකේ ස්ථානයෙහිම බෙන්යමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනනේල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබෙයි.
යෙරුසලමෙහි බැටළුදොර ළඟ හෙබ්‍රෙව් භාෂාවෙන් බෙතෙස්දා නම්වූ මණ්ඩප පහක් ඇති පොකුණක් තිබේ.
මුලාදෑනියෝද සෙනඟට කථාකරමින්: අලුත් ගෙයක් ගොඩනැගුවේවී නුමුත් එහි ගෙවදීම නොකළ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරීයේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ගෙවදීම කරනවා ඇත.