Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 13:28 - Sinhala Revised Old Version

28 උත්තම පූජකවූ එලියාෂීබ්ගේ පුත්‍රයා වන යෝයාදාගේ පුත්‍රයෙක් හොරොනිය සන්බලාට්ට බෑනාව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙවුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 උත්තම පූජක වූ එලියාෂිබ්ගේ පුත්‍රයා වන ජෝයාදාගේ පුත්‍රයෙකු හොරොනීය ජාතික සන්බලට්ට බෑණා ව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 උත්තම පූජක වූ එලියාෂිබ්ගේ පුත්‍රයා වන ජෝයාදාගේ පුත්‍රයෙකු හොරොනීය ජාතික සන්බලට්ට බෑණා ව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:28
14 හුවමාරු යොමු  

නුමුත් හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම්කර අප හෙළාදැක: නුඹලා කරන මේ දෙය මොකද? නුඹලා රජුට විරුද්ධව කැරළිගසන්ට යනවාදැයි කීවෝය.


එලියාෂිබ්ගේද යෝයාදාගේද යෝහානාන්ගේද යද්දුවාගේද දවස්වල ලෙවීවරුන්ගේ පියපෙළපත්වල ප්‍රධානියෝ ලියවුණෝය. පූජකයොත් පාර්සියාවේ දාරියුස්ගේ රජකම්කිරීම දක්වා එසේ වූය.


යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,


එකල උත්තම පූජකයාවූ එලියාෂීබ් තෙම පූජකයන්වූ ඔහුගේ සහෝදරයන් සමඟ නැගිට බැටළු දොරටුව ගොඩනගා, ඒක විශුද්ධකොට, ඒකේ දොරවල් තැබුවෝය; හම්මේයාහ කොතද හනනේල්ගේ කොතද දක්වා ඔව්හු ඒක විශුද්ධකළෝය.


හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ.


ප්‍රඥාවන්ත රජෙක් දුෂ්ටයන් විසුරුවාදමන්නේය; රෝදයක්ද ඔවුන් පිට අදින්නේය.


රජකෙනෙක් විනිශ්චයාසනයේ හිඳ තමාගේ ඇස්වලින් නපුරුවූ සියල්ල විසුරුවා දමන්නේය.


අයුතුකම් කරන සියල්ලන් ස්වාමීන්ගේ නුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි.


මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුත්‍රයන්ට හා නුඹලාට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා,


අප විසින් පවුර සාදන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝපවී, අතිශයින් උදහස්ව, යුදෙව්වරුන්ට නින්දාකරමින්,


ඔහුගේ සියලු දේපළ දඩයට ගන්ටත් වාල්කමෙන් ආවාවූ අයවලුන්ගේ සභාවෙන් ඔහු වෙන්කරන්ටත් වේය කියාද, වාල්කමෙන් ආ සියල්ලන්ට යූදාහි සහ යෙරුසලමෙහිත් ඔව්හු ප්‍රකාශකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්