නෙහෙමියා 2:16 - Sinhala Revised Old Version මා ගිය තැනවත් කළ දෙයවත් මුලාදෑනීහු දැනනොගත්තෝය; මම ඒ වන තුරු යුදෙව්වරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලාදෑනීන්ටවත් වැඩේ කළ අනික් අයටවත් එය නොදැන්වීමි. Sinhala New Revised Version මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි. Sinhala New Revised Version 2018 මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි. |
එකල මම ඔවුන්ට කථාකොට: අපට තිබෙන විපත්තිය එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද නුඹලාට පෙනෙයි. ඉතින් තවත් අපට නින්දා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනගමුයයි කියා,
උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය.
බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.