Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 2:15 - Sinhala Revised Old Version

15 මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී මිටියාවතේ දොරටුවෙන් ඇතුල්වී ආයෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 2:15
6 හුවමාරු යොමු  

මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.


යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.


තවද උස්සියා යෙරුසලමේ කොනේ දොරටුව උඩද මිටියාවතේ දොරටුව උඩද පවුරු මුළුවලද මුරකොටු ගොඩනගා ඒවා සවිකෙළේය.


මා ගිය තැනවත් කළ දෙයවත් මුලාදෑනීහු දැනනොගත්තෝය; මම ඒ වන තුරු යුදෙව්වරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලාදෑනීන්ටවත් වැඩේ කළ අනික් අයටවත් එය නොදැන්වීමි.


මිටියාවතේ දොරටුව හානූන්ද සානොවේ වැසියෝද අලුත්වැඩියාකළෝය; ඔව්හු ඒක ගොඩනගා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් රියන් දාහක්ද අලුත්වැඩියාකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්