Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 2:17 - Sinhala Revised Old Version

17 එකල මම ඔවුන්ට කථාකොට: අපට තිබෙන විපත්තිය එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද නුඹලාට පෙනෙයි. ඉතින් තවත් අපට නින්දා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනගමුයයි කියා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 2:17
23 හුවමාරු යොමු  

නුඹ ළඟින් යන සියල්ලන්ගේ ඇස් හමුවෙහි නුඹ අවට සිටින ජාතීන් අතරෙහි නුඹ පාළුවක්ද නින්දාවක්ද කරන්නෙමි.


ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.


අපි අපේ අසල්වාසීන්ට නින්දා භූමියක්ද අප අවට සිටින්නන්ට හෙළාදැක්මට හා අපහාසයට කරුණක්ද වී සිටිමුව.


මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය.


ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


ස්වාමිනි, අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ළයට සත් ගුණයක් කොට හරවාදුන මැනව.


ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.


අම්මොනිය නාහාෂ්ද: නුඹලා සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, එයින් සියලු ඉශ්‍රායෙල්වරුන් පිටට නින්දාවක් පමුණුවන්ට මට ඉඩදුන්නොත්, නුඹලා සමඟ ගිවිසුමක් කරන්නෙමියි ඔවුන්ට කීවේය.


නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා,


මා ගිය තැනවත් කළ දෙයවත් මුලාදෑනීහු දැනනොගත්තෝය; මම ඒ වන තුරු යුදෙව්වරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලාදෑනීන්ටවත් වැඩේ කළ අනික් අයටවත් එය නොදැන්වීමි.


උල්පත් දොරටුව මිශ්පා පළාතේ අධිපතියාවූ කොල්-හොසෙගේ පුත්‍රවූ ෂල්ලූන් අලුත්වැඩියාකෙළේය. ඔහු ඒක ගොඩනගා වසා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැගුවේය.


මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යූදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.


ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.


එහෙයින් ජාතීහු ස්වාමීන්ගේ නාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය.


නුඹේ පවුරු ගොඩනගන්ට කාලයක් පැමිණෙන්නේය. ඒ කාලයෙහි නියෝගයක් දුරට පතළවී යනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්