ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 11:21 - Sinhala Revised Old Version

නුමුත් නෙතිනීම්වරු ඕපෙල්හි වාසයකළෝය. ශීහාද ගිෂ්පාද නෙතිනීම්වරුන්ට ප්‍රධානියෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, දේව මාලිගාවේ සේවය කරන්නෝ ඕපෙල්හි වාසය කළෝ ය. ශීහා ද ගිෂ්පා ද දේව මාලිගාවේ සේවකයන්ට ප්‍රධානියන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, දේව මාලිගාවේ සේවය කරන්නෝ ඕපෙල්හි වාසය කළෝ ය. ශීහා ද ගිෂ්පා ද දේව මාලිගාවේ සේවකයන්ට ප්‍රධානියන් ව සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 11:21
5 හුවමාරු යොමු  

තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද ගොඩනැගුවේය.


නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය;


(එකල නෙතිනීම්වරු නැගෙනහිර දිසාවේ වතුර දොරටුවද පිටතින් තිබෙන කොතද ඉදිරිපිට තැන දක්වා ඕපෙල්හි විසුවෝය.)


ඔහු ගාව රන්කරුවෙක්වූ මල්කියා හම්මිප්කාද් දොරටුව ඉදිරිපිට නෙතිනීම්වරුන්ගේද වෙළෙන්දන්ගේද ගෙවල් දක්වාත් කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියාකෙළේය.