Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 11:22 - Sinhala Revised Old Version

22 යෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ මුලාදෑනියා නම් ගීතිකාකාරයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මීකාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත්‍රවූ බානීගේ පුත්‍රයා වන උස්සීය; ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩපළ කෙරෙහි පත්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 11:22
19 හුවමාරු යොමු  

මයසේයා, ෂෙමායා, එලෙයාසර්, උස්සී, යෙහෝහානාන්, මල්කියා, ඒලාම්, ඒසෙර් යන මොව්හුද සිටියෝය. ගීතිකාකාරයෝ වනාහි යෙශ්‍රාහිය, තමුන්ගේ ප්‍රධානියා කොට ඇතුව ශබ්දනගා ගායනාකළෝය.


නළා ඇතිව පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම් ආසාප්ගේ පුත්‍රවූ සක්කූර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත්‍රවූ යෝනාතාන්ගේ පුත්‍රයා වන සෙකරියා සහ,


බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්වූ ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅට දෙනෙක්ද යන මොව්හුය. හග්ගෙදෝලීම්ගේ පුත්‍රවූ සබ්දීයෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය.


දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්‍රවූ මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත්‍රවූ සෙරායාද,


සික්රීගේ පුත්‍රවූ යෝවෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය. හස්සෙනුවාගේ පුත්‍රවූ යූදාතෙම නුවර කෙරෙහි දෙවෙනියාව සිටියේය.


හෝදියාද බානීද බෙනීනූද යන තැනැත්තෝය.


මීකාද, රොහොබ්ද, හෂබියාද,


තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.


ඔහු ගාව ලෙවීවරු බානීගේ පුත්‍රවූ රෙහුම් [යටතේ] අලුත්වැඩියාකළෝය. ඔහු ගාව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියාකෙළේය.


හෂබියාද ඔහු සමඟ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් යෙෂායාද ඔහුගේ සහෝදරයන්ද ඔවුන්ගේ පුත්‍රයන්ද විසි දෙනෙකුත්,


දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.


ගබඩාවල් කෙරෙහි පූජකවූ ෂෙලෙමියාද ලියන්නාවූ සාදොක්ද ලෙවීවරුන්ගෙන් පෙදායාද ඔවුන් යටතේ මත්තනියාගේ පුත්‍රයාවූ සක්කූර්ගේ පුත්‍රවූ හානාන්ද ගබඩාකාරයන් කෙළෙමි. මක්නිසාද ඔව්හු විශ්වාස අය කොට සලකනලද්දෝය, තමුන්ගේ සහෝදරයන්ට බෙදාදීම ඔවුන්ට භාරව තිබුණේය.


මක්නිසාද ඉස්සර දාවිත්ගේද ආසාප්ගේද දවස්වල ප්‍රධාන ගීතිකාකාරයෝ සිටියෝය, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසා ගීතිකාද පැවතුණේය.


මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් විය. ශීබාගේ ගෙයිවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයෝව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්