ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නෙහෙමියා 10:1 - Sinhala Revised Old Version

මුද්‍රාකළ අය නම්: හකලියාගේ පුත්‍රවූ තිර්ෂාතාවූ නෙහෙමියාද ශෙදෙකියාද;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මුද්‍රා කළ අය නම්: හකලියාගේ පුත් තිර්ෂාතා වන නෙහෙමියා ද ශෙදෙකියා ද;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මුද්‍රා කළ අය නම්: හකලියාගේ පුත් තිර්ෂාතා වන නෙහෙමියා ද ශෙදෙකියා ද;

පරිච්ඡේදය බලන්න



නෙහෙමියා 10:1
11 හුවමාරු යොමු  

තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.


ඒ නිසා ඒ සියලු භාර්යාවන්ද ඔවුන්ගෙන් උපන් දරුවන්ද පහකරන ලෙස මාගේ ස්වාමිහුගේද අපේ දෙවියන්වහන්සේගේ ආඥාවට වෙවුලන්නන්ගේද දැනමුතුකමේ හැටියට අපේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් කරමු; ව්‍යවස්ථාව ලෙසද කරනු ලැබේවා. නැගිටින්න;


ඌරීම් සහ තුම්මීම් දරන පූජකයෙක් නැගිටිනතුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට තීර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,


සෙරායාද අසරියාද යෙරමියාද;


දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්නා හැටියටත්,


ඌරීම් සහ තුම්මීම් ඇති පූජකයෙක් නැගිටින තුරු ඔවුන් විසින් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතුයයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


තවද පියවංශවල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩේට දායකවුණෝය. තිර්ෂාතා රන් දරික් මිල දහසකුත් පාත්‍රා පනසකුත් පූජක-ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේය.


තිර්ෂාතාවූ නෙහෙමියාද ලියන්නාවූ පූජක එස්රාද සෙනඟට ඉගැන්වූ ලෙවීවරුද මුළු සෙනඟට කථාකොට: අද දවස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධය; වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය.


මේ සියල්ල තිබෙද්දීත් අපි ස්ථීරවූ ගිවිසුමක් කර, ඒක ලියා තබමුව; අපේ අධිපතීහුද අපේ ලෙවීවරුද අපේ පූජකයෝද ඒක මුද්‍රාකෙරෙතියි කීවෝය.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.