Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 10:3 - Sinhala Revised Old Version

3 ඒ නිසා ඒ සියලු භාර්යාවන්ද ඔවුන්ගෙන් උපන් දරුවන්ද පහකරන ලෙස මාගේ ස්වාමිහුගේද අපේ දෙවියන්වහන්සේගේ ආඥාවට වෙවුලන්නන්ගේද දැනමුතුකමේ හැටියට අපේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් කරමු; ව්‍යවස්ථාව ලෙසද කරනු ලැබේවා. නැගිටින්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:3
25 හුවමාරු යොමු  

එවිට වාල්කමෙන් ආ තැනැත්තන්ගේ අපරාධය නිසා ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ හැමදෙනම මා ළඟට රැස්වූවෝය; මම වනාහි සවස පූජාව ඔප්පුකරන තුරු ත්‍රස්තව හිඳගතිමි.


ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.


මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි.


මේ සියල්ල තිබෙද්දීත් අපි ස්ථීරවූ ගිවිසුමක් කර, ඒක ලියා තබමුව; අපේ අධිපතීහුද අපේ ලෙවීවරුද අපේ පූජකයෝද ඒක මුද්‍රාකෙරෙතියි කීවෝය.


නුඹලා ගොස් මා උදෙසාත් ඉශ්‍රායෙල්ගෙන්ද යූදාගෙන්ද ඉතුරුව සිටින්නන් උදෙසාත් සම්බවූ පොතේ වචන ගැන ස්වාමීන්වහන්සේගෙන් විමසන්න. මක්නිසාද මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින් අප කෙරෙහි වගුරුවා තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.


නුඹලාගේ ප්‍රධානියෝද නුඹලාගේ ගෝත්‍රද නුඹලාගේ වැඩිමහල්ලෝද නුඹලාගේ මුලාදෑනීහුද වන සියලු


ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක.


මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.


ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට යමු! ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.


එවිට හත්වෙනි මාසයේ මංගල්‍යයේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් පැල්වල වාසයකළ යුතුය කියාත්, ලියා තිබෙන හැටියට:


මේ හැම දෙනම අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගෙන සිටියෝය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන්ද ලැබ සිටියෝය.


මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් විරුද්ධව දෙවියන්වහන්සේ කියා තිබෙන වචන නුඹ ඇසූ විට නුඹේ සිත මොළොක්වී නුඹ උන්වහන්සේ ඉදිරියෙහි යටහත්වූ බැවිනුත්, නුඹ මා ඉදිරියෙහි යටහත්වී නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි ඇඬූ බැවිනුත්, මමත් නුඹට කන්දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.


ඉතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහව යන පිණිස උන්වහන්සේ සමඟ ගිවිසුමක් කරන්ට මාගේ සිතේ තිබේ.


යෙහෝයාදා තෙමේ ස්වාමීන්වහන්සේගේ සෙනඟව සිටින හැටියට ස්වාමීන්වහන්සේ සහ රජුද සෙනඟද අතරේ ගිවිසුමක් කෙරෙවුවේය. එසේම රජුද සෙනඟද අතරෙත් කෙරෙවුවේය.


ඔව්හු ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවා වෙතට ගොස් ඔහුටත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ටත් කථාකොට: අපි දුර රටකින් ආවෙමුව. එබැවින් අප සමඟ ගිවිසුමක් කළමැනවියි කීවෝය.


එවිට යූදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන උන්නෝය.


එබැවින් දැන් නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පව් කියාදී, උන්වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ ජාතීන්ගෙනුත් අන්‍ය ජාති ස්ත්‍රීන්ගෙනුත් වෙන්වෙන්නැයි කීවේය.


මුද්‍රාකළ අය නම්: හකලියාගේ පුත්‍රවූ තිර්ෂාතාවූ නෙහෙමියාද ශෙදෙකියාද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්