Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 7:70 - Sinhala Revised Old Version

70 තවද පියවංශවල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩේට දායකවුණෝය. තිර්ෂාතා රන් දරික් මිල දහසකුත් පාත්‍රා පනසකුත් පූජක-ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

70 තවද, පවුල්වල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩයට දායකයෝ වූ හ. තිර්ෂාතා රන් කිලෝග්‍රෑම් අටකුත්, පාත්‍රා පණසකුත්, පූජක ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

70 තවද, පවුල්වල ප්‍රධානීන් අතරෙන් සමහරු වැඩයට දායකයෝ වූ හ. තිර්ෂාතා රන් කිලෝග්‍රෑම් අටකුත්, පාත්‍රා පණසකුත්, පූජක ඇඳුම් පන්සිය තිහකුත් ගබඩාවට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:70
15 හුවමාරු යොමු  

තිර්ෂාතාවූ නෙහෙමියාද ලියන්නාවූ පූජක එස්රාද සෙනඟට ඉගැන්වූ ලෙවීවරුද මුළු සෙනඟට කථාකොට: අද දවස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධය; වැලපෙන්ටවත් අඬන්ටවත් එපායයි කීවෝය. මක්නිසාද මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූකල ඇඬුවෝය.


තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය.


මුද්‍රාකළ අය නම්: හකලියාගේ පුත්‍රවූ තිර්ෂාතාවූ නෙහෙමියාද ශෙදෙකියාද;


ඌරීම් සහ තුම්මීම් ඇති පූජකයෙක් නැගිටින තුරු ඔවුන් විසින් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතුයයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.


ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.


පවිත්‍ර රන් මස් කොකුවලත් තාලිවලත් පාත්‍රාවලත් රන් කුසලාන්වලත් ආදෘශයද, එක එක කුසලානේ බරද, රිදී කුසලාන්වල ආදෘශයද, එක එක කුසලානේ බරද,


හැළිද හැඳිද තාලිද යන මේවාය. හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔපදැමූ පිත්තලෙන් විය.


මෝසෙස් ලෙයින් දෙකෙන් කොටසක් ගෙන භාජනවල දමා ඉතිරි කොටස පූජාසනය පිට ඉස්සේය.


හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය.


ඔටුවෝ හාරසිය තිස්පස් දෙනෙක්ය; කොටළුවෝ හදාස් හත්සිය විසි දෙනෙක්ය.


පියවංශවල ප්‍රධානීන්ගෙන් සමහරු රන් දරික් මිල විසිදහසකුත් රිදී රාත්තල් දෙදාස් දෙසියයකුත් වැඩ-ගබඩාවට දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්