Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 10:30 - Sinhala Revised Old Version

30 දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්නා හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 10:30
15 හුවමාරු යොමු  

ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.


නුඹ විසින් ඔවුන්ගේ දූවරුන්ගෙන් නුඹේ පුත්‍රයන්ට පාවාගන්ටද ඔවුන්ගේ දූවරුන් තමන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කොට නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කිරීමටද සලස්වනු ලබනවා ඇත.


තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගෙන සිටිනවා දුටුවෙමි.


මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුත්‍රයන්ට හා නුඹලාට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා,


මෙසේ මම විදේශී සියල්ලන් පහකිරීමෙන් ඔවුන් පිරිසිදුකර, එක් එක්කෙනා තම තමාගේ වැඩේ ප්‍රකාරයට


නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුමටද උන්වහන්සේ අද නුඹ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,


තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.


මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්ද ස්වාමීන්වහන්සේ වෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය.


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


එවිට ඔව්හු: අපි ඒවා නැවත දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර, ඔබ කියන ලෙසම කරන්නෙමුයයි කීවෝය. එවිට මම පූජකයන්ට අඬගසා, මේ කීම ලෙස කරන්ට ඔවුන් දිවුරවා,


මුද්‍රාකළ අය නම්: හකලියාගේ පුත්‍රවූ තිර්ෂාතාවූ නෙහෙමියාද ශෙදෙකියාද;


ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්