එවිට යූදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන උන්නෝය.
නෙහෙමියා 1:1 - Sinhala Revised Old Version හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල, Sinhala New Revised Version මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල, Sinhala New Revised Version 2018 මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල, |
එවිට යූදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන උන්නෝය.
තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.
තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි.
තවද යූදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා කොට මා පත්කරනු ලැබූ දවසේ සිට, එනම් අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ පටන් තිස්දෙවෙනි අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ, මමවත් මාගේ සහෝදරයෝවත් දිශාධිපතියාට නිසි කෑම නොකෑවෙමු.
අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී,
පණිවිඩකාරයෝ රජුගේ ආඥාව පිට ඉක්මන්කර පිටත්ව ගියෝය, ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. රජද හාමාන්ද බිමට හිඳගත්තෝය; නුමුත් ෂූෂන් නුවර කැළඹුණාය.
දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.
දාරියුස් රජුගේ සතරවෙනි අවුරුද්දේ කිස්ලෙව් වන නවවෙනි මාසයේ සතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණියේය.