Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 10:9 - Sinhala Revised Old Version

9 එවිට යූදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන උන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:9
10 හුවමාරු යොමු  

උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් තිබෙයි, උන්වහන්සේ පොළෝ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩාවලින් හුළඟ ගෙනෙනසේක.


නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.


මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය.


එවිට වාල්කමෙන් ආ තැනැත්තන්ගේ අපරාධය නිසා ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ හැමදෙනම මා ළඟට රැස්වූවෝය; මම වනාහි සවස පූජාව ඔප්පුකරන තුරු ත්‍රස්තව හිඳගතිමි.


ඒ නිසා ඒ සියලු භාර්යාවන්ද ඔවුන්ගෙන් උපන් දරුවන්ද පහකරන ලෙස මාගේ ස්වාමිහුගේද අපේ දෙවියන්වහන්සේගේ ආඥාවට වෙවුලන්නන්ගේද දැනමුතුකමේ හැටියට අපේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් කරමු; ව්‍යවස්ථාව ලෙසද කරනු ලැබේවා. නැගිටින්න;


ඔහුගේ සියලු දේපළ දඩයට ගන්ටත් වාල්කමෙන් ආවාවූ අයවලුන්ගේ සභාවෙන් ඔහු වෙන්කරන්ටත් වේය කියාද, වාල්කමෙන් ආ සියල්ලන්ට යූදාහි සහ යෙරුසලමෙහිත් ඔව්හු ප්‍රකාශකළෝය.


එස්රා පූජකයා නැගිට සිට ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ වරදකාරකම වැඩිකරන හැටියට නුඹලා අන්‍ය ජාති ස්ත්‍රීන් පාවාගත්තහුය.


නවවෙනි මාසයේදී රජ ශීත සෘතු නිවාසයෙහි ඉඳගන උන්නේය. ඔහු ඉදිරියෙහි ගිනි භාජනයෙහි ගින්දර පත්තුවෙවී තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්