Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 1:2 - Sinhala Revised Old Version

2 අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේ ඔහු ෂූෂන් බලකොටුවේ තිබුණ තමාගේ රාජ්‍යයේ සිංහාසනයෙහි වැඩහුන් දවස්වලදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 1:2
10 හුවමාරු යොමු  

හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,


රජුගේ සියලු සතුරන්ගෙන් ස්වාමීන්වහන්සේ ඔහුට හාත්පසින්ම නිදහස දුන්නායින් පසු ඔහු තමාගේ ගෘහයේ වාසයකරන අතර,


දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.


තවද සාලමොන් රාජ සිංහාසනය පිට හිඳින්නේය.


නෙබුකද්නෙශර් වන මම මාගේ නිවසෙහි සුවසේද මාගේ මාළිගාවෙහි සැපතින්ද සිටියදී,


ගොස් ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දාවල් නොකා නොබී නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාවේ කියා කියන්ට කීවාය.


පණිවිඩකාරයෝ රජුගේ ආඥාව පිට ඉක්මන්කර පිටත්ව ගියෝය, ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය. රජද හාමාන්ද බිමට හිඳගත්තෝය; නුමුත් ෂූෂන් නුවර කැළඹුණාය.


එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා.


බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගන ගිය යූදාහි රජවූ යෙකොනියා සමඟ


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්