Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 1:1 - Sinhala New Revised Version

1 මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 1:1
9 හුවමාරු යොමු  

දාරියුස් රජුගේ සතර වන අවුරුද්දේ කිස්ලෙව් නම් නව වන මාසයේ සතර වන දා සමිඳාණන් වහන්සේ සෙකරියාට පණිවුඩයක් දුන් සේක.


මුද්‍රා කළ අය නම්: හකලියාගේ පුත් තිර්ෂාතා වන නෙහෙමියා ද ශෙදෙකියා ද;


අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය.


ඒ දර්ශනය මා දකින විට, මා ඒලාම් පළාතෙහි පිහිටි සූසා නම් අග නුවර ඇති ඌලයි නම් ගඟ ළඟ සිටින බව දුටුවෙමි.


තවද, අර්තක්ෂස්තා රජුගේ සත් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් සෙනඟගෙන් ද පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද ගායනාකාරයන්ගෙන් ද දොරටු පාලකයන්ගෙන් ද දේව මාලිගාවේ සේවකයන්ගෙන් ද සමහර දෙනෙක් ජෙරුසලමට පැමිණියෝ ය.


දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.


දිනක් අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ නිසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රික පානය තිබෙද්දී මම මුද්‍රික පානය රැගෙන රජුට දිනිමි. මීට පෙර මම ඔහු ඉදිරියෙහි දී දුක්මුසු ව නොසිටියෙමි.


එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.


තවද, ජුදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා වශයෙන් මා පත් කරනු ලැබූ දවසේ සිට එනම්, අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ පටන් තිස් දෙ වන අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ මාගේ ඥාතීහු වත්, මම වත් දිශාධිපතියාට හිමි කෑම නොකෑවෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්